රහස් පොලීසියට හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක එපා වූයේ හේතු කිහිපයක් නිසාය
ජනපති රනිල්, තම ලේකම් සමන් ‘මට ලන්ඩන් යන්න ඕනි’ කියූ විට රාජ්‍ය නායකයා යන්නේ කොහෙද? නිදාගන්නේ කොහෙද? නිදාගන්නේ කා සමඟදැයි විමසීමට ඔහුට හැකියාවක් නැත. තානාපති කාර්යාල සහ ප්‍රොටකෝල් නිලධාරීන් එය කලමනාකරණය කරන අතර, ජනාධිපතිවරු සමාන්‍යයෙන් ගුබ්බෑයම්වල ලගින්නේ ද නැත. ජනාධිපතිවරුන් තමන් කරන කියන දෑ, හැම කොල්ලා - බල්ලා සමඟම කියන්නේ ද නැත! රාජ්‍ය නායකයා යනු තම ලේකම්වරයා සමඟ ‘එකගේ කන්නෙකු’ නොවේ.