News
August 30, 2025 • 3 months ago
අපනයන විවිධාංගීකරණය සහ අගය එකතු කළ නිෂ්පාදන සඳහා ඉදිරියේදී සහන
අපනයන විවිධාංගීකරණය සහ අගය එකතු කළ නිෂ්පාදන සඳහා ඉදිරියේදී සහන ලබා දීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
A
Admin User
Author
අපනයන විවිධාංගීකරණය සහ අගය එකතු කළ නිෂ්පාදන සඳහා ඉදිරියේදී සහන ලබා දීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. රජයන් ඇත්තේ කර්මාන්ත අපහසුතාවට පත් කිරීමට නොව පහසුකම් සැලසීමට බවත්, නීති රීති සම්පාදනයේදී අදාල ක්ෂේත්‍ර සමඟ සහ සම්බන්ධතාවක් පවත්වාගෙන යාම මෙන්ම ඒවා ක්‍රියාත්මක කිරීමේදී ප්‍රමාණවත් කාලයක් ලබා දීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ කෘෂි සහ ආහාරපාන ක්ෂේත්‍රයට සම්බන්ධ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවකට ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.
ගොවීන්ට අවශ්‍ය පහසුකම් සැලසීම, අපනයන, බදු සහන, ප්‍රතිචක්‍රීකරණය සහ කර්මාන්ත පවත්වාගෙන යාමේදී බලපාන නීතිමය තත්ත්වයන් පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
ගුණාත්මක, කෘෂි සහ ආහාරපාන නිෂ්පාදන අඛණ්ඩව පාරිභෝගිකයා වෙත ලබා දීම පිළිබඳව මෙන්ම එම කර්මාන්තයට අදාළ කටයුතුවලදී ව්‍යාපාරිකයන් මුහුණ දී සිටින ගැටලු සහ අභියෝග පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර ඊට අදාළ ඔවුන්ගේ අදහස් හා යෝජනාද සාකච්ඡාවට ලක්විය.
සෑම නිෂ්පාදනයකම මිල තීරණය කරනුයේ නිෂ්පාදකයා වන නමුත් කෘෂි නිෂ්පාදනවලදී පමණක් ගැනුම්කරුවන් විසින් මිල තීරණය කිරීමට කෘෂි ක්ෂේත්‍රයේ අසංවිධිත බව හේතු වී ඇති බවත්, නිෂ්පාදන පාරිභෝගිකයා වෙත ළඟා වීමේදී විධිමත්භාවයක් දක්නට නොමැති බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම ගැටලු විසඳා ගැනීමට රජය හා පෞද්ගලික අංශය ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දුන්නේය.
කෘෂි භෝග, කිරි හා සත්ව නිෂ්පාදන වෙළෙඳපොළ පුළුල් කිරීමට පෞද්ගලික අංශයේ පූර්ණ සහය ලබා ගැනීමට රජයේ අවධානය යොමු වී ඇති බවත් නිෂ්පාදනයන්ට අගය එකතු කිරීමේ කාර්යභාරය ව්‍යවසායකයන්ට පැවරී ඇති බවත් සඳහන් කළ ජනාධිපතිවරයා, ඒ වෙනුවෙන් රජයක් ලෙස නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට අපේක්ෂා කරන බවද සඳහන් කළේය.
තවද, පශු සම්පත් ක්ෂේත්‍රය කර්මාන්තයක් ලෙස සංවර්ධනය නොවීම හේතුවෙන් එහි ඵලදායිතාවක් ලබා ගැනීමට නොහැකි වීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර පශු සම්පත් කර්මාන්ත නගා සිටුවීම සහ නිෂ්පාදන බෙදාහැරීම විධිමත් කිරීම පිළිබඳවද සාකච්ඡා විය.
මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ යන මහත්වරු සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරින්ද, කෘෂි සහ ආහාරපාන ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෝ රැසක්ද මීට එක්ව සිටියහ.

Tags
##Srilanka #mingirisNews #worldnews