News August 31, 2025 • 6 months ago

ගීතානි ජයවර්ධන

කිලෝ හාරසියය (400) ඉක්මවූ අධිබලැති පුපුරන ද්‍රව්‍ය රැගත් ලොරි රථයක් දළදා මාලිගාව ඉදිරිපිට පුපුරා ගියේ 1998 ජනවාරි 25 වැනි දා ය. ත්‍ර.ස්තවාදය ව්‍යාප්ත ව තිබූ දශක තුන තුළ පුපුරුවා හරිනු ලැබූ විශාල ම පුපුරන ද්‍රව්‍ය තොගය එය විය

A

Admin User

Author

ගීතානි ජයවර්ධන
දළදා මාලිගාව බේරා ගත් කාන්තාව ගැන ඔබ දන්නවා ද?

"කිලෝ හාරසියය (400) ඉක්මවූ අධිබලැති පුපුරන ද්‍රව්‍ය රැගත් ලොරි රථයක් දළදා මාලිගාව ඉදිරිපිට පුපුරා ගියේ 1998 ජනවාරි 25 වැනි දා ය. ත්‍ර.ස්තවාදය ව්‍යාප්ත ව තිබූ දශක තුන තුළ පුපුරුවා හරිනු ලැබූ විශාල ම පුපුරන ද්‍රව්‍ය තොගය එය විය. බෝම්බයෙන් ජීවිත 14 ක් අහිමි වූ අතර, දළදා මාලිගා පරිශ්‍රයට ත්, අභ්‍යන්තරයට ත් බලවත් හානි සිදු විය. මහනුවර සිට කිලෝමීටර 20 කට වඩා දුරින් පිහිටි ගම්පොළට ද එම පිපිරුමේ හඬ තරමක් ඇසුණි. එය එපමණ බිහිසුණු ය.

ප්‍ර.|හාරකයන්ගේ අපේක්ෂාව වුයේ බෝම්බය පුපුරුවා හැරීම පමණක් නොවීය. බෝම්බ ඇටවූ නිල් පැහැති එල්ෆ් වර්ගයේ ලොරිය කුමාර වීදියෙන් පැමිණ, ඇතුල් වාහල්කඩ ඉදිරිපස, සඳකඩ පහණ මත නතර කළ සැණින්, ලොරියෙන් බිමට බැස ගත් ත්‍ර.|ස්තවාදියෙකු ටී56 වර්ගයේ ගි.නි අවියක්, එහි රාජකාරියේ යෙදී සිටි කොස්තාපල් ජයසිංහ බණ්ඩාර දෙසට ඉලක්ක කළේ ය. ඒ සමඟ ම ඔහු ආපසු මාලිගාව තුළට දුවන්නට විය.

එහෙත්, එහි හුන් වයස අවුරුදු 23 ක් වූ, තරුණ පොලිස් නිලධාරිනියකට සිදු වන්නට යන්නේ කුමක්දැයි වහා වටහා ගත හැකි විය. කොස්තාපල් ජයසිංහ මහ ගේට්ටුවෙන් ඇතුලු වූ සැණින් ම, කඩිනමින් ගේට්ටුවේ අනෙක් පසට පැන ගත් ඈ, ගේට්ටුව වසා දැමුවා ය.

අයුධ සන්නද්ධ ත්‍ර.|ස්තවාදීන්ගේ සැලැස්ම අවුල් වෙද්දී ම, කන්ද උඩ පස් රට ම දෙදරාගෙන, කිලෝ හාරසියයක ටීඑන්ටී පුපුරා ගියේ ය..

දළදා වඳින්නට ත්, කිරි ආහාර පූජා කරන්නට ත් පැමිණෙමින් සිටි බැතිමතුන්ගේ සිරුරු සී සී කඩ වෙද්දී, යට කී පොලිස් නිලධාරිනියගේ සිරුර ආවරණය කරමින් බරැති පිත්තල තහඩුවක් බිම වැටී, ඉන් ඇය ආවරණය විය. කිසි අනතුරක් ද නො වීය.

ඇය නොසිටින්නට, සන්නද්ධ ත්‍ර.|ස්තවාදීන් අබරාව හරහා මාලිගාව තුළට පිවිස, තේවා භාර නායක හාමුදුරුවරු ඇතුළු තවත් බොහෝ දෙනෙක් නසා, දළදා කරඬුවට ද විපතක් කරන්නට විශාල ඉඩකඩක් තිබුණි. සියල්ල වැළැක්වී ගියේ, නිර්භීත තරුණ නිලධාරිනියගේ ක්ෂණික තීරණය නිසා ය.

ඇය නිසා දළදා මන්දිරයේ බිම ලේ වලින් තෙමුණේ නැත!

බෝ.|ම්බයේ හඬ හැතැප්ම ගණනක් ඈතට ඇසෙද්දී, කිසි තුවාලයක් වත් නැති ව, එම නිලධාරිනිය තහඩුවට ආවරණය වී තිබුණේ ය. එහෙත් ඈ බලවත් කම්පනයකට පත් වී සිටියා ය.

ඇය, ගීතානි ජයවර්ධන (1176) ය.

දළදා මාලිගාවේ කොටි බෝ.ම්බයේ කතාව, 'විජයධරණී' ලෙසින් ලියමින් සිටි 2019 දී, මම ඇයව සොයා ගත්තෙමි. ඒ වන විට ඇය, කෑගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටියා ය. දළදා වහන්සේ බේරා ගත් අවස්ථාවේ කොස්තාපල් නිලයේ සිටි ඇය, ඉන් වසර විස්සකට පසුව ත් එම තත්ත්වයේ ම සිටි බව මගේ මතකය යි.

මා ඇගේ අත්දැකීම දුරකථනයෙන් විමසන විට ඇය ඒ මතකය යළි ඇවිස්සීමට අකැමැති බව කීවා ය. මා වටහා ගත් පරිදි, එහි කම්පනය ඒ වන විට ත් ඈ තුළ තිබුණා විය යුතු ය.

ගීතානි මහත්මියට දැන් වයස අවුරුදු පනහක් පමණ වේ!

ඇය දළදා දකින්නට මහනුවර ආවා නම්, ඒ ඉන්නේ ජීවිත පරිත්‍යාගයෙන් දළදාව බේරා ගත් තැනැත්තිය යැයි, කිසිවෙකු දැන ගනු ඇත් ද? මේ වීරවරියන් ගේ නම් ඉතිහාසයේ ලියැවිය යුතු ය.."✊🙏

සටහන-නිමේෂ තිවංකර සෙනෙවිපාල මහතා

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬