අතුරලියේ රතන හිමි සැප්තැම්බර් 12 තෙක් රිමාන්ඩ්
නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු විභාගයෙන් පසු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සැප්තැම්බර් 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
Admin User
Author
2020 වසරේ මහමැතිවරණයෙන් අපේ ජනබල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට අදාළව පූජ්‍ය අතුරලිය රතන හිමිට එල්ලවූ චෝදනාවක් සම්බන්ධයෙන් මෙලෙස අධිකරණය හමු ඉදිරිපත් කර තිබේ.
ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය බලපෑම් කොට ලබාගැනීම සඳහා එම පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබාගත් බවට රතන හිමිට චෝදනා එල්ලවී ඇත.