News August 30, 2025 • 6 months ago

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස ලංකාවට ගේන්න විශේෂ කණ්ඩායමක් අද ඉන්දුනීසියාවට

එම විශේෂ පොලිස් කණ්ඩායම, දැනට ඉන්දුනීසියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික පොලිස් විමර්ශන නිලධාරීන් සමග එක්ව ඉන්දුනීසාවේ ආරක්ෂක අංශවලද සහාය ඇතිව දැඩි ආරක්ෂාව යටතේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස මෙරටට රැගෙන ඒමට නියමිතයි.

A

Admin User

Author

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස ලංකාවට ගේන්න විශේෂ කණ්ඩායමක් අද ඉන්දුනීසියාවට
අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් මෙරටට රැගෙන ඒම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් අද (30) ඉන්දුනීසියාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

එම විශේෂ පොලිස් කණ්ඩායම, දැනට ඉන්දුනීසියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික පොලිස් විමර්ශන නිලධාරීන් සමග එක්ව ඉන්දුනීසාවේ ආරක්ෂක අංශවලද සහාය ඇතිව දැඩි ආරක්ෂාව යටතේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස මෙරටට රැගෙන ඒමට නියමිතයි.

ඒ අනුව හෙට (31) පස්වරුවේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් මෙරටට රැගෙන ඒමට සැලසුම් කර ඇති බව පැවසේ.

මේ අතර ඉන්දුනිසියාවේදි අත්අඩංගුවට ගනු ලැබූ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ සහ දරුවා ඊයේ (29) පස්වරුවේ දිවයිනට පැමිණියේය.

පොලීසිය පැවසුවේ දිවයිනට පැමිණීමෙන් අනතුරුව ඔවුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත්කල බවයි.

මේ අතර කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස නීති විරෝධීව උපයාගත් වත්කම් සම්බන්ධයෙන්ද පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කෙහෙල්බද්දර පද්මේ ප්‍රමුඛ සංවිධානාත්මක අපරාධ කල්ලි තුනක නායකයින් ඇතුළු 06 දෙනෙකු ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය පෙරේදා (28) සමත් විය.

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬