ශ්‍රී ලංකාවට ලෝක විදෙස් ගමන් බලපත්‍ර දර්ශකයේ ලැබුණු තැන මෙන්න
ශ්‍රී ලංකාවේ ස්ථානය ඒකක 5 කින්ලෝක විදෙස් ගමන් බලපත්‍ර දර්ශකයේ ඉහළ නංවා ඇති බව වාර්තා වේ.
Admin User
Author
ඊට ප්‍රධානතම හේතුව වන්නේ ශ්‍රී ලංකාවට රටවල් 41 කින් නිදහස් වීසා පහසුකම් හා පැමිණීමේදී ලබාදෙන වීසා පහසුකම් ප්‍රකාශයට පත්කර තිබීමයි.
අන්තර් ජාතික ගුවන් ප්‍රවාහන සංවිධානය හෙවත් IATA ආයතනය විසින් සෑම වසරකම ගෝලීය විදෙස් ගමන් බලපත්‍ර දර්ශකය ප්‍රකාශයට පත්කිරීම සිදුකරයි. ඒ අනුව විවිධ රටවලින් හිමිවන නිදහස් වීසා පහසුකම ගමන් බලපත්‍රවල අගය වැඩිවමේ දර්ශකය ලෙස භාවිත කෙරෙයි.
2025 හෙන්ලි විදෙස් ගමන් බලපත් දර්ශකයේ සිංගප්පූරුව අංක 1 ස්ථානයේ පසුවේ. ලොව දුර්වලතම විදෙස් ගමන් බලපත්‍රය හිමිව ඇත්තේ ඇෆ්ගනිස්ථානයටයි.
ශ්‍රී ලංකාව පසුගිය වසරේ එම දර්ශකයේ 96 වැනි ස්ථානයේ පසු විය. මේ වසර වන විට එම අගය, 91 දක්වා ඉහළ ගොස් තිබීම සුවිශේෂී කරුණකි.