ඊජිප්තුවේ “Qasr Misr” පුස්තකාලයට ශ්‍රී ලංකාවෙන් පොත්
ඊජිප්තු අරාබි ජනරජයේ “Qasr Misr” පුස්තකාලය වෙත පොත් පරිත්‍යාග කිරීම
Admin User
Author
ඒ අනුව එම පොත් තොගය ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති ආදිල් ඊබ්‍රහිම් අහමඩ් ඊබ්‍රහිම් (Adel Ibrahim Ahmed Ibrahim) මහතා වෙත භාරදුන් අතර මහාවංශය, සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය, ත්‍රෛභාෂිතය, විශ්වකෝෂ, අමාවතුර, ධම්මපදය, දීපවංශය, අභිලේඛන සංග්‍රහ, පුරාණ ශ්‍රි ලංකාවේ වාරි කර්මාන්ත සහ ඓතිහාසික කොළඹ කොටුවේ පුරාවිද්‍යාත්මක ස්මාරක ඇතුළු වටිනා ග්‍රන්ථ රැසක් ඊට ඇතුළත් ය.
මෙම අවස්ථාව සඳහා ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති කාර්යාලයේ උපදේශක මොහොමඩ් මාදි (Mohomed Mady), බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංස්කෘතික ප්‍රවර්ධන) ධම්මිකා විජයසිංහ, අමාත්‍යතුමාගේ මහජන සම්බන්ධතා නිලධාරී රුවන් ප්‍රේමවීර, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (විදේශ) එල්.වී හෙට්ටිආරච්චි ඇතුළු මහත්ම මහත්මීහු රැසක් සහභාගී වූහ.