International September 9, 2025 • 3 months ago

ප්‍රංශය - වසර පහක් තුළ අග්‍රාමාත්‍යවරු පහක්.

ප්‍රංශ ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍යවරයා පත්කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාටයි. ඒ අනුව, ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීම අත්‍යාවශ්‍ය නොවේ. ගෙදරින් ගෙනල්ලා අගමැති කරන්න පුළුවන්. මන්ත්‍රීවීම හෝ නොවීම වැදගත් නෑ.

A

Admin User

Author

ප්‍රංශය - වසර පහක් තුළ අග්‍රාමාත්‍යවරු පහක්.
ප්‍රංශය - වසර පහක් තුළ අග්‍රාමාත්‍යවරු පහක්.

ප්‍රංශ ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍යවරයා පත්කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාටයි. ඒ අනුව, ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීම අත්‍යාවශ්‍ය නොවේ. ගෙදරින් ගෙනල්ලා අගමැති කරන්න පුළුවන්. මන්ත්‍රීවීම හෝ නොවීම වැදගත් නෑ.

2020 ජූලි 3 වැනිදා ප්‍රංශයේ අග්‍රාමාත්‍යධුරට ජෝන් කැස්ටෙක්ස් පත්වූයේ හිටපු අග්‍රාමාත්‍ය එදුවොද් පිලිප්ගේ අනුප්‍රාප්තිකයා ලෙසයි. ඒ පිලිප් පළාත් පාලන මැතිවරණයට තරග කර බටහිර වරාය නගරය වූ Le Havreහි නගරාධිපතිධුරයට පත්වීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

කැස්ටෙක්ස් 2022 මැයි මාසයේදී සිය ධුර කාලය අවසන් කළේ සිය අනුප්‍රාප්තිකයා ලෙස එලිසබත් බෝන් පත් වූ පසුවයි. ප්‍රංශයේ දෙවන අග්‍රාමාත්‍යවරිය ඇයයි.

ඇගේ අනුප්‍රාප්තිකයා ලෙස 2024 ජනවාරි 9 වැනිදා ප්‍රංශ ඉතිහාසයේ ලාබාලතම අග්‍රාමාත්‍යවරයා වූ 1989 වසරේ උපන් ගාබ්‍රියල් අත්තාල් ප්‍රංශයේ අග්‍රාමාත්‍යධුරයට පත්වුණා. නමුත් ඔහුගේ ධුරයේ ආයු කාලය මාස කිහිපයකට සීමා වුණා.

2024 සැප්තැම්බර් 5 වැනිදා අත්තාල්ගේ අනුප්‍රාප්තිකයා ලෙස මිෂෙල් බානියර් පත් කිරීමට සිදුවුණේ ඇති වූ දේශපාලනික ව්‍යාකූලතාවක් නිසායි.

එසේ වුවද එම තේරීම ද සාර්ථක එකක් නොවූ නිසා බානියර්ගේ ධූර කාලය මාස තුනකට පමණක් සීමා වුණා.

අවසනුව, වසර පහක් තුළ තෝරාගත් පස්වෙනි අග්‍රාමාත්‍යවරයා ද තෝරා ගනිමින් ප්‍රංශ ජනාධිපතිවරයාට ප්‍රංශුවා බේයිරූ පත් කිරීමට සිදුවුණේ 2024 දෙසැම්බර් මස මැද භාගයේදී.

ඒ බේයිරූගේ අග්‍රාමාත්‍යධුරයේ ධුර කාලය අදින් අවසන් වනවා. එක්කෝ ඔහුගේ අනුප්‍රාප්තිකයකු පත් කිරීමට සිදුවනු ඇත. නැත්නම්, ඔහුගේ අන්තර්වාර පාලනයක් යටකේ ටික කලක් යන්නට සිදුවනු ඇත. එසේත් නොමැතිනම් තුන්වන විකල්පය වන්නේ අන්තර්වාර පාලනයක් යටතේ නැවතත් මහා මැතිවරණයකට යාමයි.

කෙසේ නමුත්,දින කිහිපයක් තුළ පස්වෙනි ප්‍රංශ ජනරජයේ (1958 සිට) 29 වැනි අග්‍රාමාත්‍යවරයා ජනාධිපති මැක්‍රෝන් විසින් පත් කරනු ඇත.

බොහෝවිට ඒ 1986 වසරේ උපන් සෙබස්තියන් ලකොර්නු, 1982 උපන් ජෙරල් දර්මනන් හෝ සමාජවාදී නායකයකු වන Olivier Faure හිටපු අග්‍රාමාත්‍යවරයකු වන Bernard Cazeneuve දැනට විගණන අධිකරණයේ ප්‍රධානියා වන Pierre Moscovici යන අය අතරින් කෙනෙක් පත් වනු ඇති බව අනාවැකි පල කරනවා. එසේම කාන්තාවක වන සෞඛ්‍ය අමාත්‍ය Catherine Vautrinගේ නමත් අභ්‍යන්තර කටයුතු ඇමති Bruno Retailleauගේ නමත් කැරකෙමින් තිබේ.

පාර්ලිමේන්තු බලය හෝ සංයුතිය අනුව කිසිවක් අනුමාන කළ නොහැක. ඊට හේතුව, ප්‍රංශ ජනාධිපතිවරයාගේ අභිමතය ප්‍රංශ පුරවැසියන් මිලියන 49.5 ක් අතරින් ඕනෑම කෙනෙකු එම තනතුරට පත් කළ හැකි නිසායි.

වමේ සිට දකුණට
කැස්ටෙක්ස්, බෝන්, අත්තාල්, බානියර් සහ බේයිරූ

//Cette image a été générée par intelligence artificielle.

Tags

##Srilanka #mingirisNews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles