International August 1, 2025 • 4 months ago

ජාත්‍යන්තර ආරක්‍ෂක කර්මාන්ත ප්‍රදර්ශනයට නි. ඇමැති අරුණ ජයසේකර යයි

ලොව ප්‍රමුඛතම ආරක්‍ෂක ප්‍රදර්ශනයක් වන 17 වැනි ජාත්‍යන්තර ආරක්‍ෂක කර්මාන්ත ප්‍රදර්ශනය 2025

A

Admin User

Author

ජාත්‍යන්තර ආරක්‍ෂක කර්මාන්ත ප්‍රදර්ශනයට නි. ඇමැති අරුණ ජයසේකර යයි
ලොව ප්‍රමුඛතම ආරක්‍ෂක ප්‍රදර්ශනයක් වන 17 වැනි ජාත්‍යන්තර ආරක්‍ෂක කර්මාන්ත ප්‍රදර්ශනය 2025 (IDEF 2025), තුර්කියේ ඉස්තාන්බුල් එක්ස්පෝ මධ්‍යස්ථානයේදී පසුගිය 22 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්විණි.

තුර්කි ජනරජයේ ජනාධිපතිවරයාගේ අනුග්‍රහය යටතේ එහි ජාතික ආරක්‍ෂක අමාත්‍යාංශයේ සත්කාරකත්වයෙන් තුර්කි සන්නද්ධ හමුදා පදනම මඟින් මෙය සංවිධාන කර තිබිණි.

මේ අවස්ථාවට ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා සහභාගි විය. ඒ තුර්කියේ ජාතික ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය බිලාල් දුර්දාලි මහතාගේ ආරාධනයෙනි.

සංචාරය අතරතුර මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික) තුර්කියේ ඉහළ පෙළේ ආරක්‍ෂක නිලධාරීන් සමඟ සාකච්ඡාවල නිරත විය. එහිදී තුර්කියේ ජාතික ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරුන් වන Bilal Durdali සහ Musa Heybet යන මහත්වරුන් සමඟ මෙන්ම තුර්කි යුද හමුදාපති ජෙනරල් Selçuk Bayraktaroğlu, නාවික හමුදාපති අද්මිරාල් Ercüment Tatlıoğlu සහ ගුවන් හමුදාපති එයාර් ජෙනරල් Ziya Cemal Kadıoğlu සමඟ ද සාකච්ඡා පවත්වන ලදි.මේ සංචාරය සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් ද නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ එක්වූහ.

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

ප්‍රංශය - වසර පහක් තුළ අග්‍රාමාත්‍යවරු පහක්.

ප්‍රංශය - වසර පහක් තුළ අග්‍රාමාත්‍යවරු පහක්.

ප්‍රංශ ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍යවරයා පත්කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාටයි. ඒ අනුව, ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීම අත්‍යාවශ්‍ය නොවේ. ගෙදරින් ගෙනල්ලා අගමැති කරන්න පුළුවන්. මන්ත්‍රීවීම හෝ නොවීම වැදගත් නෑ.

3 months ago
0 ❤️ 0 💬