Health August 3, 2025 • 4 months ago

දැඩිසත්කාර වෛද්‍ය විද්‍යාව ජාතික ප්‍රමුඛතාවයක්

ශ්‍රී ලංකා දැඩි සත්කාර විශේෂඥයින්ගේ විද්‍යාලයේ (Ceylon College of Critical Care Specialists) දෙවන වාර්ෂික විද්‍යාත්මක...

A

Admin User

Author

දැඩිසත්කාර වෛද්‍ය විද්‍යාව ජාතික ප්‍රමුඛතාවයක්
දැඩි සත්කාර ඒකක ප්‍රධාන රෝහල්වලට පමණක් සීමා නොවිය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ශ්‍රී ලංකා දැඩි සත්කාර විශේෂඥයින්ගේ විද්‍යාලයේ (Ceylon College of Critical Care Specialists) දෙවන වාර්ෂික විද්‍යාත්මක සැසිය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලදාරි හෝටලයේ දී පසුගියදා පැවැති අතර, එහිදී අමාත්‍යවරයා ඉහත කරුණු අවධාරණය කළේය.

ශ්‍රී ලංකා දැඩි සත්කාර ක්ෂේත්‍රයේ විශේෂඥයින් ජීවිතාරක්ෂක වෛද්‍ය විද්‍යාවේ පෙරමුණ ගන්නා බවත්, දැඩිසත්කාර වෛද්‍ය විද්‍යාව ජාතික ප්‍රමුඛතාවයක් වන බවත් මෙහිදී පෙන්වා දුන් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා දැඩි සත්කාර ඒකක ප්‍රධාන රෝහල්වලට පමණක් සීමා නොවී ඉන් ඔබ්බට ද ව්‍යාප්ත විය යුතු බවත්, මෙරට සෑම අසාධ්‍ය රෝගියෙකුට ඔවුන්ගේ තරාතිරම කුමක් වුවත් නිසි ප්‍රතිකාර ලබාදිය යුතු බව ද පැවසී ය.

ශ්‍රි ලංකා දැඩි සත්කාර විශේෂඥයින්ගේ විද්‍යාලයේ දෙවන වාර්ෂික විද්‍යාත්මක සැසියේ මෙවර තේමාව වුයේ “ඔරොත්තු දීමේ හැකියාව බලගැන්වීම – තාක්ෂණය සහ අනුකම්පාව තුළින් තීරණාත්මක සත්කාර දියුණු කිරීම” (Empowering Resilience – Advancing Critical Care through Technology and compassion) යන්නයි.

උත්සව සභාව අමතමින් වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ මෙවර වාර්ෂික විද්‍යාත්මක සැසිවාරය සඳහා නූතන යුගයට ගැලපෙන කාලෝචිත තේමාවක් යොදා ගැනිම සම්බන්ධව සිය ප්‍රසාදය පළ කරන බවයි. මෙවර සැසියේ තේමාව යටතේ සෞඛ්‍ය සේවාවේ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගෙන්නේ වෛද්‍ය උපකරණ මගින් පමණක් නොව, එම උපකරණ ඥානවන්තව භාවිතා කරන පුද්ගලයින් තුළින් බව ද සනාථ කරන බව ද පෙන්වා දෙන ලදි.

COVID-19 වසංගතය හමුවේ දැඩි සත්කාර සේවාවේ වැදගත්කම ඉහළින්ම ඉස්මතු වූ බවත්, තිරය පිටුපස සැබෑ වීරයන් ලෙස සෞඛ්‍ය සේවාව සතු සම්පත් කළමනාකරණය කරගනිමින් ජීවිත බේරා ගැනීම සඳහා දැඩි පීඩනයක් යටතේ දිගු වේලාවක් සේවා සැපයිමට දැඩි සත්කාර ක්ෂේත්‍රයේ විශේෂඥයින් කටයුතු කළ බව ද අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය.

මෙරට සෞඛ්‍ය සේවාවේ ශක්තිමත්භාවය උදෙසා දේශීය සහ විදේශීය පුහුණුව ලත් වෛද්‍යවරුන්, මනා පුහුණුව ලත් හෙදියන් සහ සම සෞඛ්‍ය වෘත්තිකයන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයකින් යුක්තව සිටීම අතිශය වැදගත් වූ බව මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

පුහුණුව සහ උපදේශනය සඳහාත්, ප්‍රමිතීන් හැඩගැස්වීම, මාර්ගෝපදේශ සංවර්ධනය කිරීම සහ සැමට සදාචාරාත්මක, සාධාරණ සහ විද්‍යාත්මකව රැකවරණය සහතික කිරීමට ශ්‍රි ලංකා දැඩි සත්කාර විශේෂඥයින්ගේ විද්‍යාලයේ උත්සාහයන් ඇගයීමට ලක් කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසී ය.
තාක්‍ෂණය අත්‍යවශ්‍ය සක්‍රීය කාරකයක් බවත්, රජයක් ලෙස හදිසි ප්‍රතිකාර සේවාවේ තාක්‍ෂණ ප්‍රවේශය පුළුල් කිරීමට කටයුතු සිදු කරන බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා දැඩිසත්කාර සේවාව පිළිබඳ මහජන අවබෝධය ද වැඩිදියුණු කළ යුතු බවත්, සමාජයේ බොහෝ පිරිසක් තවමත් දැඩි සත්කාර ඒකකයක් තුළ සිදුවන ක්‍රියාවලින් වැරදි ලෙස තේරුම් ගෙන සිටින බව ද අවධාරණය කළ අතර, තීරණ ගැනීමේ සංකීර්ණත්වය, සත්කාර සැලසුම් කිරීම, සම්පත් සීමිත වූ විට මුහුණ දීමට සිදුවන අභීයෝගයන් පිළිබඳ සමාජයේ එම පිරිස් නිසි අවබෝධයකින් තොර බව ද පෙන්වා ලදි.

මෙරට ශක්තිමත්, වඩාත් ඔරොත්තු දෙන තීරණාත්මක රෝගි සත්කාර පද්ධතියක් ගොඩනැගීම සඳහා දැඩි සත්කාර විශේෂඥයින්ගේ විද්‍යාලයේ කැපවීම ඇගයීමට ලක් කරන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසී ය.

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

test1

test1

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book. It has survived not only five centuries, but also the leap into electronic typesetting, remaining essentially unchanged. It was popularised in the 1960s with the release of Letraset sheets containing Lorem Ipsum passages, and more recently with desktop

4 months ago
0 ❤️ 0 💬
ඔබ ශරීරය පිරිසුදු කිරීමට පමණට වඩා සබන් පාවිච්චි කරන කෙනෙක් ද? එහි බලපෑම ගැන දන්නවා ද?

ඔබ ශරීරය පිරිසුදු කිරීමට පමණට වඩා සබන් පාවිච්චි කරන කෙනෙක් ද? එහි බලපෑම ගැන දන්නවා ද?

මීට මාසයකට පමණ ඉහතදී මා මාගේ පෞද්ගලික වෛද්‍යවරයා හමු වීමට ගියේ, සමේ ඇතිව තිබූ දිලීර ආසාදනයකට ප්‍රතිකාර ගැනීමට ය.

5 months ago
0 ❤️ 0 💬
බොහෝ දරුවන් වේපින්වලට යොමු වන්නේ ඇයි සහ එය කොතරම් භයානක ද?

බොහෝ දරුවන් වේපින්වලට යොමු වන්නේ ඇයි සහ එය කොතරම් භයානක ද?

ඊ-සිගරට් නැතහොත් වේපින් ලෙස ප්‍රකටව ඇති විද්‍යුත් සිගරට් භාවිතය ඉහළ යාමට ප්‍රතිචාර වශයෙන් ලොව පුරා රටවල් රැසක් ඒ සඳහා සීමා පනවා තිබේ

5 months ago
0 ❤️ 0 💬