මාළු පාන් කෑල්ලක් උගුරේ සිරවී අයෙක් මරුට
පුද්ගලයකු ආහාරයට ගත් මාළු පාන් ගෙඩියක කෑල්ලක් උගුරේ සිරවීමෙන් ජීවිතක්ෂයට
Admin User
Author
මේ පුද්ගලයා පාකින්සන් රෝගයෙන් පෙළෙන්නෙකි. උදෑසන මාළු පාන් ගෙඩියක් ආහාරයට ගැනීමට ආසා බව පැවසීම නිසා නිවැසියන් එය ගෙනැවිත් දී තිබේ. එහි කොටසක් ආහාරයට ගනිමින් සිටියදී මේ අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි. පසුව නිවැසියන් 1990 සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා රෝහලට රැගෙන යෑමට සුදානම් වෙද්දී එහි හෙදිය රෝගියා පරීක්ෂා කොට පවසා ඇත්තේ ඔහු මියගොස් ඇති බවයි. ආහාරයට ගත් මාළු පාන් ගෙඩියේ කැබැල්ලක් පෙණහලු තුළට ගමන් කිරීමෙන් වූ ශ්වසන අපහසුතාව මරණයට හේතුව බවට හදිසි මරණ පරීක්ෂණයේදී හෙළිවිණි.