Health July 7, 2025 • 5 months ago

බොහෝ දරුවන් වේපින්වලට යොමු වන්නේ ඇයි සහ එය කොතරම් භයානක ද?

ඊ-සිගරට් නැතහොත් වේපින් ලෙස ප්‍රකටව ඇති විද්‍යුත් සිගරට් භාවිතය ඉහළ යාමට ප්‍රතිචාර වශයෙන් ලොව පුරා රටවල් රැසක් ඒ සඳහා සීමා පනවා තිබේ

A

Admin User

Author

බොහෝ දරුවන් වේපින්වලට යොමු වන්නේ ඇයි සහ එය කොතරම් භයානක ද?
ඊ-සිගරට් නැතහොත් වේපින් ලෙස ප්‍රකටව ඇති විද්‍යුත් සිගරට් භාවිතය ඉහළ යාමට ප්‍රතිචාර වශයෙන් ලොව පුරා රටවල් රැසක් ඒ සඳහා සීමා පනවා තිබේ.

ඊ-සිගරට්වල ඇති වර්ණවත් ඇසුරුම් සමග අවම වශයෙන් ඒවා රස වර්ග 16,000කින් ලබා ගත හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එම සංවිධානය පෙන්වා දෙන්නේ, ලොව රටවල් රැසක ළමුන් සහ යොවුන් වියේ පසුවන්නන් අතර විද්‍යුත් සිගරට් භාවිතය වැඩිහිටියන්ට සාපේක්ෂව ඉහළ යාමක් පවතින බව ය.

ඊ-සිගරට් භාවිතය සම්බන්ධයෙන් මෑතකාලීනව රෙගුලාසි හඳුන්වා දුන් රට එක්සත් රාජධානියයි. ඔවුන් ජූනි 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි රට තුළ ඉවත දැමිය හැකි වේපින් අලෙවිය සහ සැපයීම තහනම් කර ඇත. එංගලන්තයේදී එම නීතිය කඩ කළ වෙළෙන්දන්ට අසීමිත දඩයකට යටත්වීමට සිදුවන අතර එම වරද නැවත නැවත සිදු කළහොත් වසර දෙකක සිර දඬුවමකට මුහුණ දීමට ද සිදුවේ.

බ්‍රිතාන්‍ය රජය විශ්වාස කරන්නේ, ඉවත දැමිය හැකි වේපින් මිලදී ගැනීමේ හැකියාව සීමා කිරීම ඔස්සේ පරිසරයට ඒවා‍යෙන් එල්ල වන හානිකර බලපෑම අවම වන අතර ම ළමුන් අතර වේපින් භාවිතය වැළැක්වීමට ද එය සහය වනු ඇති බව ය.

වේපින් කෙතරම් හානිකර ද?
දුම්කොළ, තාර සහ වෙනත් විෂ සහිත පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය අඩංගු දුම්වැටිවලට වඩා වේපින් කිරීම හානිකර නොවන බව අධ්‍යයන මගින් පෙන්වා දී ඇත.

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

test1

test1

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book. It has survived not only five centuries, but also the leap into electronic typesetting, remaining essentially unchanged. It was popularised in the 1960s with the release of Letraset sheets containing Lorem Ipsum passages, and more recently with desktop

4 months ago
0 ❤️ 0 💬
ඔබ ශරීරය පිරිසුදු කිරීමට පමණට වඩා සබන් පාවිච්චි කරන කෙනෙක් ද? එහි බලපෑම ගැන දන්නවා ද?

ඔබ ශරීරය පිරිසුදු කිරීමට පමණට වඩා සබන් පාවිච්චි කරන කෙනෙක් ද? එහි බලපෑම ගැන දන්නවා ද?

මීට මාසයකට පමණ ඉහතදී මා මාගේ පෞද්ගලික වෛද්‍යවරයා හමු වීමට ගියේ, සමේ ඇතිව තිබූ දිලීර ආසාදනයකට ප්‍රතිකාර ගැනීමට ය.

5 months ago
0 ❤️ 0 💬