IPL ජයග්‍රහණය සැමරීමට එක්රැස් වූ RCB රසිකයින් පිරිසක් තෙරපීමකින් ජීවිතක්ෂයට
වසර 18කට පසු ප්‍රථම වරට IPL ශූරතාව දිනා ගත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ජයග්‍රහණය සැමරීම සඳහා පැවති උත්සවයකදී ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ
Admin User
Author
එම වාර්තාවල දැක්වෙන්නේ, බෙංගලූරුහි චින්නස්වාමි ක්‍රීඩාංගණයේ පැවති එම උත්සවයට රසිකයන් විශාල පිරිසක් සහභාගි වී සිටි බව ය.
ජීවිතක්ෂයට පත්වූවන් අතර කාන්තාවක ද වන බව මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.
තෙරපීමෙන් තවත් 15 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.
RCB රසිකයින්ට ක්‍රීඩාංගණයට ඇතුළු වීම සඳහා ගේට්ටු විවෘත කළ අවස්ථාවේ විශාල පිරිසක් එකවර ඇතුළු වීමට උත්සහ කිරීමේදී එකිනෙකා තෙරපීමක් සිදුව තිබේ.