Sports July 7, 2025 • 5 months ago

'අර්ජුණට භාවිත කළ Captain cool නාමයේ' අයිතිය ලබා ගැනීමට මහේන්ද්‍ර සිං දෝනි සැරසෙයි

'කැප්ටන් කූල්' යන නම කියූ සැනින් මෙරට ක්‍රිකට් ලෝලීන්ගේ මතකයට එන්නේ 1996 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුණ රණතුංග ය.

A

Admin User

Author

ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන ටෝනි ග්‍රේග් විසින් අර්ජුණ රණතුංග 'කැප්ටන් කූල්' යන අන්වර්ථ නාමයෙන් පළමුව ආමන්ත්‍රණය කළේ, 1990 දශකයේදී ය.

අර්ජුණ රණතුංගගෙන් පසුව ඇතැම් ක්‍රිකට් විස්තර විචාරකයින් සහ ප්‍රේක්ෂකයින් 'කැප්ටන් කූල්' යන අන්වර්ථ නාමය ඉන්දීයාවේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනිට ද භාවිත කරනු දක්නට ලැබිණි.

නැවතත් කරලියට පැමිණි 'කැප්ටන් කූල්'
'කැප්ටන් කූල්' නාමය නැවතත් කතාබහට ලක්වන්නේ, එම වාක්‍ය ඛණ්ඩය වෙළෙඳ සන්නාමයක් ලෙස යොදා ගැනීමට හිටපු ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි විසින් ඉන්දියාවේ පේටන්ට් බලපත්‍ර, නිර්මාණ සහ වෙළෙඳ ලකුණු පාලක ජනරාල් කාර්යාලය වෙත ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කරනු ලැබීම හේතුවෙනි.

2025 වසරේ ජූනි 16 වන දා ඉන්දියාවේ වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 'ට්‍රේඩ්මාර්ක් ජර්නල්'හි මහේන්ද්‍ර සිං දෝනි විසින් 'කැප්ටන් කූල්' යන වාක්‍ය ඛණ්ඩය වෙළෙඳ නාමයක් කිරීම සඳහා කළ ඉල්ලීම ඇතුළත් කර තිබේ.

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මෝටර් රථ අනතුරකින් ජීවිතක්ෂයට

ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මෝටර් රථ අනතුරකින් ජීවිතක්ෂයට

පෘතුගාල පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා ස්පාඤ්ඤයේ සැමෝරා හි සිදුවූ රිය අනතුරකින් මිය ගිය බව එරට නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක් වන ගාඩියා සංවිධානය බීබීසීයට තහවුරු කර තිබේ.

5 months ago
0 ❤️ 0 💬
IPL ජයග්‍රහණය සැමරීමට එක්රැස් වූ RCB රසිකයින් පිරිසක් තෙරපීමකින් ජීවිතක්ෂයට

IPL ජයග්‍රහණය සැමරීමට එක්රැස් වූ RCB රසිකයින් පිරිසක් තෙරපීමකින් ජීවිතක්ෂයට

වසර 18කට පසු ප්‍රථම වරට IPL ශූරතාව දිනා ගත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ජයග්‍රහණය සැමරීම සඳහා පැවති උත්සවයකදී ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ

5 months ago
0 ❤️ 0 💬