බුද්ධ ශාසන අමාත්‍යංශය නැතිකරා කියල චෝදනා කරපු සම්ප්‍රදායවාදීන්ට ආණ්ඩුවෙන් සැර උත්තරයක්
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලෙස පාසල් අධ්‍යාපනය තුළ භික්ෂු උපදේශනය අනිවාර්ය වෙන අතර (මෙය මුස්ලිම් හා කතෝලික පාසල්වල අනිවාර්යයෙන් සිදුවේ),මව්පිය වන්දනා ආදිය සිදුකිරීමෙන්....
Admin User
Author
ඉදිරියේදී පොහොය දින පන්සල් යාම ආණ්ඩුව විසින් අනිවාර්ය කිරීම තුළ විහාරස්ථානයන් වටා නැවත ජනීජනයා එක්රැස් වීම සිදුවෙනු ඇත.එය ඇත්තටම පානදුරාවාදයෙන් පසුව ලංකාවෙ සිදුවෙන සැබෑම පුනරුදයකි.එමෙන්ම නිර්මාණය වෙන කලාකෘතිවල ගුණාත්මකභාවය පිරික්ෂීම සදහා පත්කිරීමට නියමිත "සුපසන් සමාජයක් උදෙසා ධාර්මික දෑ පෙන්වමු" සර්වාගමික කමිටුවෙන් ලාංකීය ජනතාව විෂමාචාර,අසභ්‍ය දර්ශන සහිත චිත්‍රපට හා ටෙලිනාට්‍යය බැලීම,අසභ්‍ය පොත්පත් කියවීම ආදිය නතර කරනු ඇත.සැබැවින්ම එය ඉතාම වටිනා පුනරුද ප්‍රතිසංස්කරණයකි.
ජාතික භික්ෂු පෙරමුණ විසින් එළඹෙන 27 වෙනිදා අරලියගහ මන්දිරයේදී ඉදිරිපත් කරන භික්ෂු කථිකාව හරහා සුපටිපන්න ගුණ ඇති භික්ෂු පිරිසක් නිර්මාණය කිරීමෙ යෝජනාවලියක් ඉදිරිපත් වෙයි.මෙය පොලොන්නරු කථිකාවෙන් පසු ලංකාවෙ ඉදිරිපත්වෙන ප්‍රගතිශීලීම භික්ෂු කථිකාව වේ.එහි යෝජනා 27න් පසුව බලාගත හැක.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලෙස පාසල් අධ්‍යාපනය තුළ භික්ෂු උපදේශනය අනිවාර්ය වෙන අතර (මෙය මුස්ලිම් හා කතෝලික පාසල්වල අනිවාර්යයෙන් සිදුවේ),මව්පිය වන්දනා ආදිය සිදුකිරීමෙන් දෙමාපිය දූදරු සම්බන්ධතා ශක්තිමත් කිරීමත්,මසක් පාසා අබතෙල් පහන් පූජාව පවත්වා දරුවන්ට සෙත්පැතීමත් සිදුකරනු ඇත.පාසල් තුළ ලිංගික අධ්‍යාපනය ලබා දීම සදාචාර සමාජයකට අකැප නිසා එය සිදුනොකරනු ඇත.
කාදිනල් හිමියන්ගේ උපදෙස් අනුව යමින් සමාජයේ සිටින සමකාමී හා සංක්‍රාන්ති ලිංගික මනෝභාවයන් ඇති අය විකෘතිකයන් ලෙස නම් කර ඔවුන්ගේ පුරවැසි භාවය අහිමි කරන අතර එය ආගමික වශයෙන් ගන්නා විශාල පුනරුද ප්‍රතිසංස්කරණයක් ලෙස කාදිනල් හිමියන්ගෙන් ප්‍රශංසා ආණ්ඩුවට හිමිවනු ඇත.
මේ දැනෙන ප්‍රතිසංස්කරණ එක්ක තව දුරටත් භික්ෂූන් ලෙස අප ආණ්ඩුව විවේචනය කරනව වෙනුවට ජවිපෙ පාක්ෂිකයන් අපගෙන් කුණුහරප කියමින් දිගින් දිගටම ඉල්ලන පරිදි පාඩුවේ පසෙකට වී බලාසිටීම කළ යුතුය.ඇත්තටම බුද්ධ ශාසන අමාත්‍යාංශය නැතිකරා කියපු අයට රෙදි නැතුව යන්න වෙන විදිහට රටම බුද්ධ ශාසනයක් බවට පරිවර්තනය කිරීමට කටයුතු කරන ජාතික ජනබලවේග ආණ්ඩුවට අප ආශිර්වාද කළ යුතුය.ප්‍රාජාතන්ත්‍රවාදී රාජ්‍යයෙන් ධර්මරාජ්‍යයක් කරා යන ලාංකීය පුරවැසියන්ට තම තමන්ගේ ආගමික ලබ්දිය අනුව විමුක්තිය ලැබේවා යන්න ප්‍රාර්ථනා කරමු.
සියලු දෙනාට බුදුසරණයි