චෙම්මනී සමූහ මිනී වළෙන් ගොඩගත් ඇටසැකිලි අතර කුඩා බිළිදෙක්ගේ යැයි සැක කළ හැකි ඇටකටු
චෙම්මනියෙන් හමුවෙමින් ඇති මේ මිනිස් ඇටකටු මිනිස්කමට එරෙහිව එල්ල කළ බිහිසුණු අපරාධයක, සංහාරයක තවත් එක් නිහඩ සාක්ෂියකි....
Admin User
Author
චෙම්මනියෙන් හමුවෙමින් ඇති මේ මිනිස් ඇටකටු මිනිස්කමට එරෙහිව එල්ල කළ බිහිසුණු අපරාධයක, සංහාරයක තවත් එක් නිහඩ සාක්ෂියකි.
එහෙත්, මේ භීෂණය ඉදිරියේ රටක් විදිහට බොහෝ දෙනා නිහඬය.
අද(අගෝස්තු 08) නිකිණි පුර පසළොස්වක පොහොය දිනයයි.
පොහොය දිනයේ පංසලෙන් ඇසෙන පංචශීලයේ හඬ, “පාණාතිපාතා වේරමණී” යනුවෙන් සියලු ජීවිතවල වටිනාකම, ආරක්ෂාව, යහ-පැවත්ම ආදී ‘වර්ණිත බණ’ දසතින් ඇසෙමින් තිබේ . එහෙත්, චෙම්මනීහිදී ඒ මිනිස් ජීවිත විනාශ කළේය. ජීවිතයේ උණුසුම හඳුනාගැනීමටවත් ඉඩක් නොලැබූ බිළිඳෙකු ප්‍රචණ්ඩත්වයේ සහ මර්දනයේ ගොදුරු බවට විය. එම දරුවාගේ මව, පියා, ඔවුන්ගේ හිත්වල තිබුණු බලාපොරොත්තු, ඔවුන්ගේ ජීවිතවල තිබුණු ආලෝකය—සියල්ල එක් මොහොතකදී සංහාරයට ලක්ව ඇත. මේ යනු එක ජීවිතයක හෝ එක පවුලක හෝ ඛේදවාචකයක් පමණක් නොවේ; එය මුළු මිනිස් සංහතියකම ශිෂ්ටත්වයට එල්ල වූ පහරකි.
චෙම්මනීහි සමූහ මිනීවළ යනු, අපේ ඉතිහාසයේ ලේ තැවරුණු අපරාධමය පිටුවකි. එය යුද්ධයේ බිහිසුණු බව, රාජ්‍ය ප්‍රචණ්ඩත්වයේ අමානුෂිකත්වය සහ මිනිසුන්ගේ ජීවිතවලට බලපෑ ඛේදනීය බව පිළිබිඹු කරයි. එහි ගොදුරු බවට පත්වූවන් අතර බිළිඳුන්, තරුණයන්, මවුපියන්, වැඩිහිටියන්—සමාජයේ සෑම තලයකම මිනිසුන් සිටිය හැකිය. ඔවුන්ගේ ජීවිත අවසන් වූයේ මිනිස්කමට එරෙහිව එල්ල වූ බිහිසුණු අපරාධයකින් බව චෙම්මනියෙන් හමුවෙමින් ඇති ඇටකටු හඬ ගා කියයි.
නමුත්, ඒ හඬට රටක් විදිහට අපි සවන් දුන්නේද? සවන් දෙමින් සිටින්නේ ද? ජනතා විමුක්ති පෙරමුණ වැනි, රාජ්‍ය ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට පත්ව වූ පක්ෂයක් මූළික ආණ්ඩුව පවා මෙය ඉදිරියේ නිහඬය. මේ නිහඬතාවය යනු, අපේ සාමූහික හෘදය සාක්ෂියේ අසමත්කමකි; එය අපේ මනුෂ්‍යත්වය පිළිබඳ ප්‍රශ්නයකි.
බොහොමයක් බෞද්ධයන් අද පංසිල් සමාදන් වනු ඇත. එහෙත්, ඒ ශීලයේ ආලෝකය චෙම්මනීහි අඳුරු මිනීවළට එබෙන්නේ නම්, එහි බර තේරුම් ගන්නේ නම්, අපි එයින් බැහැරව ජීවත් වන්නේ කෙසේද? බිළිඳෙකුගේ ජීවිතය, එහි හුස්ම, එහි හිනාව, එහි අනාගතය—මේ සියල්ල උදුරාගත් ඒ බිහිසුණු අපරාධයකට එරෙහිව හඬක් නැගීම අපේ යුතුකමක්, වගකීමක් නොවේද?.... Read in full: https://www.vikalpa.org/article/45037 #srilanka