News August 9, 2025 • 4 months ago

මහජන ආරක්ෂක ඇමති ලේකම් කියා මහරගම පොලීසියට බොරු ඇමතුම් දුන් අයෙක් අත්අඩංගුවට

හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බධන්යෙන් මහරගම පොලීසිය අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු නිදහස් කර ගැනීම සදහා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ...

A

Admin User

Author

මහජන ආරක්ෂක ඇමති ලේකම් කියා මහරගම පොලීසියට බොරු ඇමතුම් දුන් අයෙක් අත්අඩංගුවට
හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බධන්යෙන් මහරගම පොලීසිය අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු නිදහස් කර ගැනීම සදහා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ලේකම්වරයෙකු යැයි ව්‍යාජ ලෙස පෙනී සිටිමින් මහරගම පොලිසිය වෙත දුරකථන ඇමතුම් දුන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

අයුතු බලපෑම සම්බන්ධයෙන් මෙම පුද්ගලයා ඊයේ (08) අත්අඩංගුවට ගෙන ඇත.

මේ වන විට ඒ සම්භන්ධයෙන් විශේෂ විමර්ෂණයක් ක්‍රියාත්මක බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.

ඒ අනුව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කොට සිටින්නේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා හෝ අමාත්‍යවරයාගේ කාර්යමණ්ඩලයේ හෝ කිසිදු අයෙක් පොලීසිය විසින් සිදු කරනු ලබන අත්අඩංගුවට ගැනීම් හෝ කිසිදු ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් අයුතු මැදිහත්වීමක් සිදු නොකරන බවයි.

එලෙස මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයාගේ නමින් හෝ අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයේ යැයි පෙනීි සිටිමින් යම් පුද්ගලයෙකු අනීතික ක්‍රියාකාරකම්වල යෙදෙන්නේ නම් හෝ පොලීිසිය ඇතුලූ ආයතනවලට අයුතු බලපෑමක් සිදු කරන්නේ නම් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය දැනුම්වත් කරන ලෙසට අදාල ආයතනයන්හි සේවය කරන සියලූ දෙනාගෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යාංශය ඉල්ලීමක් ද කරයි.

Tags

##Srilanka #mingirisNews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

1 month ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

1 month ago
0 ❤️ 0 💬
ස්ලැවෝයි ජිජැක්

ස්ලැවෝයි ජිජැක්

අවාසනාවට වගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සුබසාධක රාජ්‍යයේ යුගයත් දැන් ඉවරයි.

1 month ago
0 ❤️ 0 💬