News August 8, 2025 • 4 months ago

බුර්කිනා ෆාසෝ ඇමරිකානු පරණ ඇඳුම් ආනයනය තහනම් කරයි

අප්‍රිකාවට අප්‍රිකානු ඇඳුම් ඇඳීමට කාලයයි

A

Admin User

Author

බුර්කිනා ෆාසෝ ඇමරිකානු පරණ ඇඳුම් ආනයනය තහනම් කරයි
බුර්කිනා ෆාසෝ ඇමරිකානු පරණ ඇඳුම් ආනයනය තහනම් කරයි:
"අප්‍රිකාවට අප්‍රිකානු ඇඳුම් ඇඳීමට කාලයයි "

දේශීය රෙදිපිළි කර්මාන්තය පුනර්ජීවනය කිරීමට සහ සංස්කෘතික අභිමානය නැවත ලබා ගැනීමේ නිර්භීත පියවරක් ලෙස, බුර්කිනා ෆාසෝ රාජ්‍යය ඇමෙරිකාවෙන් භාවිත කළ ඇඳුම් ආනයනය කිරීම නිල වශයෙන් තහනම් කර තිබේ. මෙම තීරණය, දේශීය විලාසිතා ප්‍රවර්ධනය කිරීම සහ එහි ආර්ථිකය නංවාලීම සඳහා සැලකිය යුතු පියවරක් සනිටුහන් කරයි.

"අප්‍රිකාවට අප්‍රිකානු ඇඳුම් ඇඳීමට කාලයයි," රජයේ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කළේ, දේශීය වෙළඳපොළවල් ගංවතුරට ඇද දමන සහ දේශීය විලාසිතා ව්‍යාපාර යටපත් කරන විදේශයේ භාවිතා කළ ඇඳුම් මත යැපීම අඩු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරමිනි.

මෙම තහනම මහාද්වීපය පුරා ආර්ථික නිදහස සහ සංස්කෘතික පුනරුදය ඉල්ලා සිටින වර්ධනය වන හැඟීම් සමඟ සමපාත වේ. අප්‍රිකානු අනන්‍යතාවය සහ නවෝත්පාදනය සඳහා ජයග්‍රහණයක් ලෙස දේශීය නිර්මාණකරුවන් සහ රෙදිපිළි නිෂ්පාදකයින් මෙම තීරණය වර්ණනා කර තිබේ.

අප්‍රිකානු ජාතීන් තම ආර්ථිකයට සහ සංස්කෘතික උරුමයට භාවිත කළ ඇඳුම්වල බලපෑම නැවත සලකා බලන බැවින්, මෙම පියවර බටහිර අප්‍රිකාව පුරා සමාන ක්‍රියා මාර්ග රැල්ලක් ඇති කළ හැකි බව නිරීක්ෂකයෝ පවසති.

බුර්කිනා ෆාසෝ අප්‍රිකාවේ විශාලතම කපු නිෂ්පාදකයා වන අතර කපු නිෂ්පාදනය කරන ලොව දසවන විශාලම රටයි. වසර 2018 දී ඇමෙරිකානු බහුජාතික සමාගමක් වන මොන්සැන්ටෝ, බුකිනාවේ සාම්ප්‍රදායික කපු නිෂ්පාදනය තම ග්‍රහණයට ගැනීමට උත්සාහ කළ ද එය පරාජය කිරීමට ගොවීන්ට හැකි විය. කැප්ටන් ඊබ්‍රහිම් ට්‍රොරේ ගේ මෙම තීරණයත් සමඟ ඔවුන් වඩාත්ම උද්යෝගයට පත් වී ඇත.

කැප්ටන් ඊබ්‍රහිම් ට්‍රොරේ ගේ පණිවිඩය පැහැදිලිය: අප්‍රිකානු විලාසිතාවේ අනාගතය රැඳී ඇත්තේ විදේශීය ඇඳුම් ආයිත්තම් මත නොව, සැබවින්ම අප්‍රිකානු දේ ආඩම්බරයෙන් ඇඳීම මත ය.

අපේ රටේ අනාගතය ද රැදී ඇත්තේ දේශීය වෙළඳපොල ආරක්ෂා කරන මෙවන් තීරණ මතය. නමුත් අපේ රට වෙනුවෙන් තීරණ ගැනීමේ අයිතිය අපට නැති අතර අප වෙනුවෙන් තීරණ ගන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, විදෙස් රටවල් සහ මහා පරිමාණ සමාගම්වල අයිතිකරුවන් ය.

අනෙක් පසින්, ඇමෙරිකානු ජනාධිපති ලෝකයේ රට රටවලට තග දමමින්, නායකයන්ගේ කොඳු නමමින් සිටින කාලයක කැප්ටන් ඊබ්‍රහිම් ට්‍රොරේ ඊට හාත් පසින් වෙනත් තීරණයක් ක්‍රියාත්මක කිරීම ආශ්වාදනීය පුවතක් නොවන්නේද?

ප්‍රියන්ත මධුකුමාර
ප.ව.4.52

Tags

##Srilanka #mingirisNews #worldnews #news #sinhala #6.30

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

1 month ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

1 month ago
0 ❤️ 0 💬
ස්ලැවෝයි ජිජැක්

ස්ලැවෝයි ජිජැක්

අවාසනාවට වගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සුබසාධක රාජ්‍යයේ යුගයත් දැන් ඉවරයි.

1 month ago
0 ❤️ 0 💬