News August 8, 2025 • 7 months ago

ආදරණීය ජෝරා එහෙනම් ගිහින් එන්න.

ආදරණීය ජෝරා එහෙනම් ගිහින් එන්න.

A

Admin User

Author

ආදරණීය ජෝරා එහෙනම් ගිහින් එන්න.
ආදරණීය ජෝරා එහෙනම් ගිහින් එන්න.😢❤️

මට මතක විදිහට ඈත දවසක සෙනසුරාදා සති අන්තේ රාත්‍රියක මිත්‍රයෙකුගේ නිවසක මිදුලේ තිබ්බ අනෝදා ගහක් පාමුල අඩියක් ගහපු රෑක " api machan " කියල බෑන්ඩ් එහෙක සිංදු වගයක් ප්ලේ කරා එතන හිටපු එකෙක්.ඒ බෑන්ඩ් එකේ කොල්ලො පහක් අලුත් සංස්කෘතික නිම්නයක වැඩ බිමක් හදමින් හිටියා.ඒක නව හිමිදිරි වැඩක් ! එයාලා අපි අහපු පරන සිංදුවල මීට කලියෙන් අපිට මුන නොගැහුනු ,නොදැකපු,නොදැනුනු,පුංචි,පුංචි ලස්සන අයිකන් ටිකක් ගොඩ ගනිමින් හිටියා.පරන සිංදුවක අපිට ඉතුරු වුනු සීමිත වයිබ් කීපයකට එහායින් අසීමිත ඉවුරු අනන්තයක් කරා ඒ කොල්ලො පස්දෙනා අපිව අරං යමින් සිටියා.ජෝරා කියන්නෙ එතන හිටපු පස් දෙනාගෙන් එක නිහඬ දක්ෂයෙක්.ඉතිං ඒ නිහඬ සංස්කෘතික තැනිතලාවේ වියතිරේකීය සෞම්‍ය හැඟීම් ගැයූ ඒ නිහඬ පිරිමියාට සුබ රාත්‍රියක්.😢❤️

මචං ජෝරා උඹේ හඬ,උඹව අපිට ඇහෙන,අහන, හැම රාත්‍රියකම ,දහවලකම ජීවමාන පාරාදීසයක තාමත් වාසය කරන නැවුම් සාධකයක් බවට උඹ නික්ම ගියත් ආයෙ ආයෙම අපිට හිතේවි.ඒ තමා
උඹ අපිට ඉතිරි කරල ගිය නැවුම් කටහඬක සංස්කෘතික ශ්‍රමය.❤️😢

සම්පත් සුසන්ත ස්ටැන්ලි

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬