News
August 8, 2025 • 4 months ago
SupremeSAT-1: අතුරුදන් වූ බව කී චන්ද්‍රිකාව තියෙන තැන සුප්‍රීම්සැට් සමාගම කියයි
දශකයකට අධික කාලයකට පසු යළිත් කතාබහට ලක්වූ SupremeSAT-1 චන්ද්‍රිකාව සම්බන්ධයෙන්...
A
Admin User
Author
දශකයකට අධික කාලයකට පසු යළිත් කතාබහට ලක්වූ SupremeSAT-1 චන්ද්‍රිකාව සම්බන්ධයෙන් වත්මන් රජයේ අග්‍රාමාත්‍යවරිය සහ අමාත්‍ය වසන්ත සමරසිංහ දැක්වූ පරස්පර විරෝධී අදහස් සම්බන්ධයෙන් SupremeSAT පුද්ගලික සමාගමේ සභාපති ආර්.එම්. මනිවන්නන් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය මගින් අදාළ චන්ද්‍රිකාව සම්බන්ධයෙන් මතු වී ඇති කරුණු පිළිබඳව පැහැදිලි කිරීමක් කර ඇත.
SupremeSAT-1 චන්ද්‍රිකාව 'අතුරුදන් වෙලා' ද?
2012 වසරේදී කක්ෂගත කළ බව කියන මෙම චන්ද්‍රිකාව 'අතුරුදන් වී ඇති' බවට දිගින් දිගට ම ජාතික ජන බලවේගයේ සාමාජිකයින් චෝදනා කළ අතර, බ්‍රහස්පතින්දා ද අමාත්‍ය වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදී ඒ බව පැවසීය.
කෙසේ වෙතත්, අදාළ චන්ද්‍රිකාව කක්ෂගත වී ඇත්තේ කොහේ ද යන්න පිළිබඳව සුප්‍රීම්සැට් සමාගම සිය නිවේදනයේ සඳහන් කර තිබිණි.
SupremeSAT-1 චන්ද්‍රිකාව 'මේ වන විටත් 87.5° නැගෙනහිර කක්ෂයේ නිවැරදිව සක්‍රීය ලෙස පවතින' අතර 'මූලික දියත් කිරීමේ සිට ම චන්ද්‍රිකාව විද්‍යානුකූලව ස්ථානගත කර ඇති,' බව සුප්‍රීම්සැට් පුද්ගලික සමාගම පවසයි.
_Get It From BBC news_

Tags
##Srilanka #mingirisNews #worldnews