News August 8, 2025 • 7 months ago

ජාතික තරුණ සංගමයේ සාමාජිකයින්ට පාර්ලිමේන්තුවේදී විශේෂ වැඩසටහනක්

ජාත්‍යන්තර තරුණ දිනය සැමරීම වෙනුවෙන් ලබන 19 වැනිදා ජාතික තරුණ සේවා සභාවේ පත්වීමට...

A

Admin User

Author

ජාතික තරුණ සංගමයේ සාමාජිකයින්ට පාර්ලිමේන්තුවේදී විශේෂ වැඩසටහනක්
ජාත්‍යන්තර තරුණ දිනය සැමරීම වෙනුවෙන් ලබන 19 වැනිදා ජාතික තරුණ සේවා සභාවේ පත්වීමට නියමිත ජාතික තරුණ සංගමයේ සාමාජික සාමාජිකාවන්ට පාර්ලිමේන්තුවට ආරාධනාකොට ඔවුන් සමග විශේෂ වැඩසටහනක් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් තීරණය කර ඇත.

ඒ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ සභාපතිත්වයෙන් එම සංසදය පසුගියදා (06) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දැක්වූ සංසදයේ සභාපතිවරයා ජාතික තරුණ සේවා සභාවේ ජාතික තරුණ සංගමය සඳහා සාමාජිකයින් පවතන්නේ වසර 30ට පසුව වීම විශේෂත්වයක් බව පෙන්වා දුන්නේය. ඒ හේතුවෙන් 2025 අගෝස්තු 12 වන දිනට යෙදෙන ජාත්‍යන්තර තරුණ දිනය සැමරීමට මෙලෙස ජාතික තරුණ සේවා සභාවේ තේරීපත්වන එම ජාතික තරුණ සංගමයේ සාමාජිකයින්ට විශේෂ පිළිගැනීමක් ලබාදීම වෙනුවෙන් මෙම වැඩසටහන සංවිධාන කරන බව පැවසුවේය.

තවද මෙහිදී තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයට අන්තර් ජාතික වශයෙන් ද සහයෝගයෙන් වැඩකටයුතු සිදුකල හැකි අවස්ථාවන් පිළිබඳවද සාමාජික මන්ත්‍රීවරයන් දැනුවත් කිරීම සිදුවිය. එමෙන්ම තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ දැක්ම සහ මෙහෙවර පාඨ සකස් කිරීම උදෙසා විශේෂ කමිටුවක් සංසදයේ සාමාජිකන්ගෙන් පත් කර ගන්නා ලදී.

මේ අවස්ථාවට සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් වන ලසිත් භාෂණ ගමගේ, තනුර දිසානායක, නීතිඥ හසාරා ලියනගේ යන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ද ඇතුළුව සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පිරිසක් සහභාගී වූහ.

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬