වඳවී යන ‘පිනිබෙරලිය’ සංරක්ෂණ කිරීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකාවට ආවේණික, ස්භාවික පරිසරයෙන් වඳවී ඇතැයි සලකා නැවත වාර්තා කිරීමට සමත්වූ ශාක විශේෂයක් වන පිනිබෙරලිය(Doona ovalifolia) ශාක විශේෂය සංරක්ෂණය කිරීම
Admin User
Author
හෙල බසින් පිනිබෙරලිය සහ Doona ovalifolia යන විද්‍යාත්මක නාමය යටතේ හඳුන්වන මෙම ශාක විශේෂය 1864 වර්ෂයේදී මුල්වරට ලොවට හඳුන්වා දී ඇත්තේ පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානයේ උද්‍යාන අධිකාරීවරයෙක් ලෙස සේවය කල බ්‍රිත්‍යාන ජාතික ශාක විද්‍යාඥයෙකු වූ හෙන්රි ත්වේට්ස් මහතා විසිනි . ඉන්පසු 1887 වර්ෂයේදී වලල්ලාවිට, හෙවෙස්ස ප්‍රදේශයෙන් සහ තවලම, හිනිදුම ප්‍රදේශයෙන් මෙම ශාක විශේෂය වාර්තා වී ඇති අතර එහිදි සජීවී නිදර්ශක රැගෙන ගොස් පේරාදෙණිය උද්භිද උද්‍යානයේ සහ ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ රෝපණය කර ඇත. එම ශාකයන්ගෙන් පැවත ඇවිත් ඉතිරිව තිබූ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ නිදර්ශක ශාකයත් 2012 වර්ෂයේ කඩා වැටී ඇති අතර පසුව එම ශාකයෙන් පැල කිහිපයක් නැවතත් රෝපණය කිරීමට උද්භිද උද්‍යානයේ නිලධාරීන් සමත්ව ඇත. උද්භිද උද්‍යානයට පමණක් සීමා වී වසර 100කට අධික කාලයක් ස්භාවික පරිසරයෙන් වාර්තා නොවීම නිසා මෙම ශාක විශේෂය EW – Extinct in Wild හෙවත් ස්භාවික පරිසරයෙන් වඳ වූ ශාක විශේෂයක් ලෙස 2012 ජාතික රතු දත්ත ලැයිස්තුවේ වාර්තා කොට තිබුනි.