News August 8, 2025 • 4 months ago

මට ජවිපෙන් ලබා ගන්න දෙයක් නෑ.ජවිපෙ ආණ්ඩුව වෙනුවෙන් මම වැඩ කළේ - කැකිරාවේ සුදස්සන හිමි. නිදහස බලාපොරොත්තුවෙන්

ජවිපෙට සාම්ප්‍රදායික බෞද්ධයන්ගේ ඡන්දය අහිමි වෙයි මගේ ප්‍රකාශ නිසා ,ඒ නිසා හාමුදුරුවනේ පොඩ්ඩක් නිහඩ වෙන්න,අපේ ආණ්ඩුවක් ආවහම නිදහසේ කතා කරන්න කියල

A

Admin User

Author

මට ජවිපෙන් ලබා ගන්න දෙයක් නෑ.ජවිපෙ ආණ්ඩුව වෙනුවෙන් මම වැඩ කළේ - කැකිරාවේ සුදස්සන හිමි. නිදහස බලාපොරොත්තුවෙන්
මට ජවිපෙන් ලබා ගන්න දෙයක් නෑ.ජවිපෙ ආණ්ඩුව වෙනුවෙන් මම වැඩ කළේ නිදහස බලාපොරොත්තුවෙන්,ඒ වගේම සමාජ,ආර්ථික,අධ්‍යාපනික,සෞඛ්‍ය යන අංශයන්වල සැබෑ පරිවර්තනයක් වෙනුවෙන්,විශේෂයෙන් භාෂණයේ නිදහස මම අගය කරනව,මම දැක්ක පොත් ලියපු අය,කතා කියපු අය ආගමික පොලීසිය විසින් හිරේ දාන හැටි.ඒ වෙනුවෙන් සමාජවාදී තරුණ සංගමය හා අලුත් පියාපත් වගේ සංවිධාන එක්ක ආගමික පොලිසියට එරෙහිව මම කතා කරා.නිකායෙන් මට වාරණ දාන්න කලින් ජනාධිපතිවරණය ලංවෙලා මට අපූරු කතාවක් පක්ෂෙන් කිවුව

" ජවිපෙට සාම්ප්‍රදායික බෞද්ධයන්ගේ ඡන්දය අහිමි වෙයි මගේ ප්‍රකාශ නිසා ,ඒ නිසා හාමුදුරුවනේ පොඩ්ඩක් නිහඩ වෙන්න,අපේ ආණ්ඩුවක් ආවහම නිදහසේ කතා කරන්න කියල.ඒක කිවුවෙ විජිත හේරත් මහතා,විජිත් රොහාන් මහතා,ඊළගට දැන් මීරිගම ඉන්න සභාපති සුමිත් මහතා,මොකද විමල් වීරවංශ මහතා හා පොදුජන පෙරමුණේ භික්ෂූන් මගේ ප්‍රකාශ ජවිපෙට ඈදන්න උත්සහා කරා.ඇත්තමට මට ඕන වුණේ බෞද්ධ දර්ශනය පිළිබදව සංවාදයක් ඇතිකරන්න,නැතුව බුද්ධාගමට ගහන්න නෙවෙයි.

අවසානෙ මොකද වුණේ ජවිපෙ ආණ්ඩු කාලෙම මට නිකායෙන් වාරණ වැටුණ.දැන් අපේ නිකායෙ අධිකරණ සංඝනායක කවුද ? ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන උපදේශක අත්තංගනේ රතනපාල හිමි,එතකොට දැන් රාමඤ්ඤ නිකායේ නිකාය ආරක්ෂක සභාවේ වගේම නිකායට රාජ්‍යය අනුග්‍රහය දක්වන්නෙ කවුද ජාතික ජනබලවේග ආණ්ඩුව.මොකද රාමඤ්ඤ මහා නිකාය කියන්නෙ ඍජුව රාජ්‍යය අනුග්‍රහය ලබන එකම නිකාය.කෝ භාෂණයේ නිදහස,රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙ කාලෙ ඇත්තටම නිකායෙන් මට ගැටලු තිබ්බෙ නෑ.බෞද්ධ බලය ඉවරයි කිවුව ඕමල්පෙ හිමියන්ට කිසිම ගැටලුවක් නිකායෙන් නෑ.දර්ශනය කතා කරපු අපිට තමයි ප්‍රශ්න සියල්ලම

වාරණ ආවෙ නූතන පරිවර්තන ආණ්ඩු කාලෙ.මේක පිස්සු ආණ්ඩුවක්.මේකෙන් කිසිම දවසක නිදහසක් අපිට ලැබෙන්නෙත් නෑ,ජනතාවට ලැබෙන්නෙත් නෑ.ඒක තමයි ඇත්ත.ජවිපෙ වෙනුවෙන් ෆේස්බුක් එකේ වැළලෙන්න හදන අයට මට කියන්න තියෙන්නෙ ජවිපෙ ගැන මට උගන්වන්න එන්න එපා.ඔයාල ඉගන ගන්න.ඒකට කාලයක් යයි,හැබැයි එතකොට ඔය අසනීප සනීප වෙයි.

නියම වැඩේ කියන්නෙ මට විරුද්ධව නිකායට දාපු පැමිණිලි හයෙන් මුල්ම පැමිණිල්ල දාල තිබ්බෙ බලංගොඩ කෂ්‍යප,කෂ්‍යප නිසා තමයි මට කමිටුව දාල තිබ්බෙත්,හැබැයි කෂ්‍යපට කිසිම ප්‍රශ්නයක් නෑ,උන්වහන්සේ දිගින් දිගටම ජාතිවාදය වපුරමින් ඉන්නව (මේකෙන් කෂ්‍යප හිමි හිරේ දාන්න ඕනෙ කියන එක මම කියන්නෙ නෑ.මොකද කවුරුත් හිරේ යනවට මම කැමති නෑ).ඒ දෙස උපේක්ෂාවෙන් මම බලාසිටිමි.

_කැකිරාවේ සුදස්සන හිමි._

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

1 month ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

1 month ago
0 ❤️ 0 💬
ස්ලැවෝයි ජිජැක්

ස්ලැවෝයි ජිජැක්

අවාසනාවට වගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සුබසාධක රාජ්‍යයේ යුගයත් දැන් ඉවරයි.

1 month ago
0 ❤️ 0 💬