මට ජවිපෙන් ලබා ගන්න දෙයක් නෑ.ජවිපෙ ආණ්ඩුව වෙනුවෙන් මම වැඩ කළේ - කැකිරාවේ සුදස්සන හිමි. නිදහස බලාපොරොත්තුවෙන්
ජවිපෙට සාම්ප්‍රදායික බෞද්ධයන්ගේ ඡන්දය අහිමි වෙයි මගේ ප්‍රකාශ නිසා ,ඒ නිසා හාමුදුරුවනේ පොඩ්ඩක් නිහඩ වෙන්න,අපේ ආණ්ඩුවක් ආවහම නිදහසේ කතා කරන්න කියල
Admin User
Author
" ජවිපෙට සාම්ප්‍රදායික බෞද්ධයන්ගේ ඡන්දය අහිමි වෙයි මගේ ප්‍රකාශ නිසා ,ඒ නිසා හාමුදුරුවනේ පොඩ්ඩක් නිහඩ වෙන්න,අපේ ආණ්ඩුවක් ආවහම නිදහසේ කතා කරන්න කියල.ඒක කිවුවෙ විජිත හේරත් මහතා,විජිත් රොහාන් මහතා,ඊළගට දැන් මීරිගම ඉන්න සභාපති සුමිත් මහතා,මොකද විමල් වීරවංශ මහතා හා පොදුජන පෙරමුණේ භික්ෂූන් මගේ ප්‍රකාශ ජවිපෙට ඈදන්න උත්සහා කරා.ඇත්තමට මට ඕන වුණේ බෞද්ධ දර්ශනය පිළිබදව සංවාදයක් ඇතිකරන්න,නැතුව බුද්ධාගමට ගහන්න නෙවෙයි.
අවසානෙ මොකද වුණේ ජවිපෙ ආණ්ඩු කාලෙම මට නිකායෙන් වාරණ වැටුණ.දැන් අපේ නිකායෙ අධිකරණ සංඝනායක කවුද ? ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන උපදේශක අත්තංගනේ රතනපාල හිමි,එතකොට දැන් රාමඤ්ඤ නිකායේ නිකාය ආරක්ෂක සභාවේ වගේම නිකායට රාජ්‍යය අනුග්‍රහය දක්වන්නෙ කවුද ජාතික ජනබලවේග ආණ්ඩුව.මොකද රාමඤ්ඤ මහා නිකාය කියන්නෙ ඍජුව රාජ්‍යය අනුග්‍රහය ලබන එකම නිකාය.කෝ භාෂණයේ නිදහස,රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙ කාලෙ ඇත්තටම නිකායෙන් මට ගැටලු තිබ්බෙ නෑ.බෞද්ධ බලය ඉවරයි කිවුව ඕමල්පෙ හිමියන්ට කිසිම ගැටලුවක් නිකායෙන් නෑ.දර්ශනය කතා කරපු අපිට තමයි ප්‍රශ්න සියල්ලම
වාරණ ආවෙ නූතන පරිවර්තන ආණ්ඩු කාලෙ.මේක පිස්සු ආණ්ඩුවක්.මේකෙන් කිසිම දවසක නිදහසක් අපිට ලැබෙන්නෙත් නෑ,ජනතාවට ලැබෙන්නෙත් නෑ.ඒක තමයි ඇත්ත.ජවිපෙ වෙනුවෙන් ෆේස්බුක් එකේ වැළලෙන්න හදන අයට මට කියන්න තියෙන්නෙ ජවිපෙ ගැන මට උගන්වන්න එන්න එපා.ඔයාල ඉගන ගන්න.ඒකට කාලයක් යයි,හැබැයි එතකොට ඔය අසනීප සනීප වෙයි.
නියම වැඩේ කියන්නෙ මට විරුද්ධව නිකායට දාපු පැමිණිලි හයෙන් මුල්ම පැමිණිල්ල දාල තිබ්බෙ බලංගොඩ කෂ්‍යප,කෂ්‍යප නිසා තමයි මට කමිටුව දාල තිබ්බෙත්,හැබැයි කෂ්‍යපට කිසිම ප්‍රශ්නයක් නෑ,උන්වහන්සේ දිගින් දිගටම ජාතිවාදය වපුරමින් ඉන්නව (මේකෙන් කෂ්‍යප හිමි හිරේ දාන්න ඕනෙ කියන එක මම කියන්නෙ නෑ.මොකද කවුරුත් හිරේ යනවට මම කැමති නෑ).ඒ දෙස උපේක්ෂාවෙන් මම බලාසිටිමි.
_කැකිරාවේ සුදස්සන හිමි._