News August 8, 2025 • 4 months ago

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සහ ව්‍යවස්ථාදායකයට කරන හෑල්ලුකිරීම:

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සහ ව්‍යවස්ථාදායකයට කරන හෑල්ලුකිරීම: දේශපාලන සදාචාරය හා ජනපති වගකීම්

A

Admin User

Author

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සහ ව්‍යවස්ථාදායකයට කරන හෑල්ලුකිරීම:
ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සහ ව්‍යවස්ථාදායකයට කරන හෑල්ලුකිරීම: දේශපාලන සදාචාරය හා ජනපති වගකීම්
--------------------------------------------------------------------------
ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ජනාධිපතිවරයා සතු වගකීම විශාලය. ඔහු නියෝජනය කරන්නේ විධායක බලය පමණක් නොවෙයි, ජනතාවගේ විශ්වාසය ද වේ. එබැවින් ජනාධිපතිවරයෙකුගෙන් බලාපොරොත්තු වන්නේ සෘජු, ගෞරවනීය, සහ වගකීමෙන් යුත් හැසිරීමකි. නමුත් අද දිනයේදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශය, ව්‍යවස්ථාදායකය හෙළා දැමීමක් සහ ඔහුගේ රාජ්‍ය භූමිකාවට නොගැලපෙන හැසිරීමක් ලෙස සැලකිය හැක.

1. පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,

"සත්‍යයක් තියෙනවානම් රහස් පොලිසියට කියන්න. බොරුවක් නම් එය පාර්ලිමේන්තුවේ කියනවා "

මෙම වාක්‍යය මඟින් ඔහු පාර්ලිමේන්තුවේ කරන ප්‍රකාශ බොරු බව කියමින් ව්‍යවස්ථාදායකය හෑල්ලු කළේය. පාර්ලිමේන්තුව යනු ජනතාවගේ නියෝජිතයින් සිටින, නීති සම්පාදනය කරන ශ්‍රේෂ්ඨ ආයතනයකි. එය සත්‍යය හෝ බොරු කියන තැනක් ලෙස ප්‍රකාශ කිරීම, රාජ්‍ය ව්‍යවස්ථානුකූල ක්‍රමයට පරස්පර ක්‍රියාවකි.

ව්‍යවස්ථානුකූලව බලවතුන් තිදෙනා විධායකය, ව්‍යවස්ථාදායකය, සහ අධිකරණය සමබර ලෙස ක්‍රියා කළ යුතුය. එවැනි අවස්ථාවකදී විධායකය විසින් ව්‍යවස්ථාදායකය අපහසු තත්ත්වයකට පත් කිරීම, සම්පූර්ණ ආණ්ඩු ක්‍රමයට සිදුවන පාඩුවකි.(මුලදීද ජනාධිපතිවරයා සිය පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාපිස්සකටවත් නොවටිනා අය බව ප්‍රකාශ කරන ලදි.)

2. ජනාධිපතිවරයාගේ හැසිරීමේ ස්වභාවය

ජනාධිපතිවරයාගේ ප්‍රකාශ සහ හැසිරීම විවිධ ආකාරයක් පෙන්නුම් කරයි.විටෙක තර්ජනය,
විටෙක විකාර සහ ව්‍යාජ හිනාවන් ය,
විටෙක අපහසුතාවයකින් පිරුණු සංවාදයන් ය.

මෙවැනි හැසිරීම් ජනාධිපතිවරයා වැනි පුද්ගලයකුට සුදුසු නොවීම සිහිපත් කළ යුතුය. මෙයින් පෙන්වන්නේ ඔහු ගැඹුරු මානසික පීඩනයක සිටින බවත්, තමා සතු වගකීම් නිසි පරිදි ඉටු කළ නොහැකි තත්ත්වයක ඇති බවත් ය.

දේශපාලන නායකයකු ලෙස ඔහුගෙන් බලාපොරොත්තු වන්නේ විවේචනය පිළිගනිමින්, සැලකිලිමත් ලෙස, සදාචාරවත් වචන භාවිතයෙන් ජනතාවට උදාහරණයක් සැපයීම වන්නක් නොවේද?

දේශපාලන බලය යනු විවේචනයට, සංවාදයට සහ වගකීම් වලට යටත්ව පවත්වාගෙන යා යුතු දෙයකි. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව හා එහි සාමාජිකයින් සම්බන්ධයෙන් කළ නින්දාත්මක ප්‍රකාශය, ව්‍යවස්ථාවට පටහැනි පමණක් නොව, ජනතාවගේ විශ්වාසය තුවාල කරන, අධිකාරී ත්‍රිත්වයේ ගරුත්වය කෙළෙසන අයුරක් ද දැකිය හැකියි.

ඒ නිසා, මෙවැනි අවස්ථාවන්හිදී නීතිය හා ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට, විචාරය හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට, සමාජයෙහි සියළුම සාධක ජනතාව, මාධ්‍යය, බුද්ධිමත් පිරිස අවදිව සිටිය යුතුය.

ජනාධිපතිවරයා බොරුව දේවතාවෙක් ලෙස පිළිගෙන ඇත.

අනේ දෙවියනේ මට වුණු වියෝ යා
කියපු මුසා අතේ පත්තු වුනෝ යා
රටක් බණී මට දැන් දුක් බොහෝ යා
ඔබෙ පිහිට පතනමි උඩ බලා යා

මෙය ඔහුගේ දේශපාලනයේ අනාගත ලැබීම සහ ප්‍රකාශනයයි.එය ප්‍රජාතන්ත්‍රවාදීව ඔහුට උරුම කර දිය යුතුය.

බුද්ධිමත් පුරවැසියන් බොරුව සහ කයිතන් හැසිරීම් දෙස විචාරශීලිව බැලිය යුතුය.එසේම බොරුව දේවතාවන් ලෙස පිළිනොගත යුතුය.

Tags

##mingirisnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

1 month ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

1 month ago
0 ❤️ 0 💬
ස්ලැවෝයි ජිජැක්

ස්ලැවෝයි ජිජැක්

අවාසනාවට වගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සුබසාධක රාජ්‍යයේ යුගයත් දැන් ඉවරයි.

1 month ago
0 ❤️ 0 💬