News August 8, 2025 • 4 months ago

ජනපතිගේ පැහැදිලි නායකත්වය යටතේ සාර්ථක ගමනකට අඛණ්ඩ සහයෝගය ලබා දීමට ඕස්ට්‍රේලියාව සූදානම්

ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් (Samantha Joy Mostyn)

A

Admin User

Author

ජනපතිගේ පැහැදිලි නායකත්වය යටතේ සාර්ථක ගමනකට අඛණ්ඩ සහයෝගය ලබා දීමට ඕස්ට්‍රේලියාව සූදානම්
ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් (Samantha Joy Mostyn) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර වසර 75කට වඩා වැඩි මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරටේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා පවතින සහයෝගිතා ක්ෂේත්‍ර පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය මෙහිදී අවධාරණය කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැහැදිලි නායකත්වය යටතේ සාර්ථක ගමනකට අවශ්‍ය අඛණ්ඩ සහයෝගය ලබා දීමට ඕස්ට්‍රේලියාව සූදානම් බවයි.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් අවශ්‍ය සහාය ලබා දීමට ඕස්ට්‍රේලියාව සූදානම් බව අග්‍රාණ්ඩුකාරවරිය විසින් අවධාරණය කරන ලදී.

මෙම සංචාරයෙන් ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් වන බව සඳහන් කළ ජනාධිපතිවරයා, සුනාමි ව්‍යසනයේදී මෙන්ම ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයේදීද ඕස්ට්‍රේලියානු රජය සෘජුව මෙන්ම, ජාත්‍යන්තර ආයතන හරහා ලබා දුන් සහයෝගය සිහිපත් කර සිටියේය. එසේම, ශ්‍රී ලංකාවේ ආර්ථික, අධ්‍යාපන, ආරක්ෂක, සංචාරක, සමුද්‍රීය කටයුතුවලදී ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන සහායද ජනාධිපතිවරයා මෙහිදී අගය කළේය.

ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාවේ විශාල පිරිසකගේ රැකියා, අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණු ආදිය සඳහා මධ්‍යස්ථානයක් බවට පත් වී ඇති බව පැවසූ ජනාධිපතිවරයා මෙම ක්ෂේත්‍රවල ඕස්ට්‍රේලියානු අත්දැකීම්වලින් ශ්‍රී ලංකාවට බොහෝ දේ ඉගෙන ගත හැකි බවත්, එම අත්දැකීම් සාර්ථකව බෙදා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවත් වැඩිදුරටත් පැවසීය.

ඕස්ට්‍රේලියානු ආයෝජකයන් සඳහා ශ්‍රී ලංකාවේ ඉතාම හිතකර පරිසරයක් නිර්මාණය වී ඇති බවද මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමටත්, බණ්ඩාරගම, මිරිස්ස සහ වැලිගම යන ප්‍රදේශවල ක්‍රියාත්මක වන ඕස්ට්‍රේලියාව විසින් සහාය දක්වනු ලබන ව්‍යාපෘති කිහිපයක් නිරීක්ෂණය කිරීමටත් නියමිතය.

ඕස්ට්‍රේලියානු දූත පිරිස සමඟ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.

Tags

##mingirisnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

1 month ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

1 month ago
0 ❤️ 0 💬
ස්ලැවෝයි ජිජැක්

ස්ලැවෝයි ජිජැක්

අවාසනාවට වගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සුබසාධක රාජ්‍යයේ යුගයත් දැන් ඉවරයි.

1 month ago
0 ❤️ 0 💬