News August 7, 2025 • 4 months ago

මඩකලපුව හිටපු මහෙස්ත්‍රාත්ගෙත් වැඩ තහනම් කරයි !

මඩකලපුව හිටපු මහේස්ත්‍රාත්වරයාගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ.

A

Admin User

Author

මඩකලපුව හිටපු මහෙස්ත්‍රාත්ගෙත් වැඩ තහනම් කරයි !
මඩකලපුව හිටපු මහේස්ත්‍රාත්වරයාගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ.

නඩුවලට අදාළ සාක්ෂි මෙහෙයවීම් කිහිපයක් පාදක කරගනිමින් මේ තීරණය ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව සතියක කාලයක් තුළ විනිසුරුවරුන් හයදෙනකුගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ.

මොරටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ, මහියංගනය අතිරික්ත දිසා විනිසුරු රංගනී ගමගේ සහ අලුතින් මහේස්ත්‍රාත්වරුන් ලෙස පත්වූ පරිවාස කාලය හෝ අවසන් නොමැති විනිසුරුවරුන් තිදෙනකු ද මෙසේ වැඩ තහනම් වූ පිරිසට අයත් වේ.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා වන්නේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ය. මහින්ද සමයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා ද එහි සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතර, ගාමිණී අමරසේකර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වූ අසුනට ව්‍යවස්ථාදායක සභාවෙන් මෙතෙක් කිසිවකු පත්කර නැත. එම කොමිෂන් සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ මහාධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් ය.

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

1 month ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

1 month ago
0 ❤️ 0 💬
ස්ලැවෝයි ජිජැක්

ස්ලැවෝයි ජිජැක්

අවාසනාවට වගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සුබසාධක රාජ්‍යයේ යුගයත් දැන් ඉවරයි.

1 month ago
0 ❤️ 0 💬