News August 7, 2025 • 7 months ago

තීරු බදු අඩු කර ගැනීමේ දී අමෙරිකාව සමග කිසිදු ගිවිසුමකට ශ්‍රී ලංකාව අත්සන් කර නැහැ

අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ පරතරයේ ස්භාවය අනුව අනෝන්‍ය තීරු බදු පැනවීමක් සිදු වූවා මිස රටේ අභ්‍යන්තර ගැටලුවක් මත එය සිදු වූවක් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

A

Admin User

Author

තීරු බදු අඩු කර ගැනීමේ දී අමෙරිකාව සමග කිසිදු ගිවිසුමකට ශ්‍රී ලංකාව අත්සන් කර නැහැ
අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ පරතරයේ ස්භාවය අනුව අනෝන්‍ය තීරු බදු පැනවීමක් සිදු වූවා මිස රටේ අභ්‍යන්තර ගැටලුවක් මත එය සිදු වූවක් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී අද(07) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව කියා සිටියේය.

අමෙරිකාව සමඟ මෙම තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න රජය පැත්තෙන් ප්‍රභල කණ්ඩායමක් ඉදිරිපත් කළ බව පැවසූ ජනාධිපතිවරයා ඒ අනුව මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම, මහබැංකු අධිපති, වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම්, ජනාධිපති ආර්ථික කටයුතු උපදේශක දුමින්ද හුලංගමුවත් එක්සත් ජනපද ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා මෙහි සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් විශාල කාර්යභායක් සිදු කළ බව කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන සාකච්ඡා පියවරයෙන් පියවර මාධ්‍ය සාකච්ඡා පවත්වමින් සන්දර්ශණ දැමීමට රජයට අවශ්‍යතාවක් නොතිබුණු බව ද අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. අමෙරිකාව විසින් ඉදිරිපත් කළ ඇතැම් යෝජනා පිළිබඳ රජය සාකච්ඡා මට්ටමන් සිටින බවත් රජය මේවන තෙක් කිසිදු අවසන් එකඟතාවකට පැමිණ ගිවිසුමක් අත්සන් කර නොමැති බව ජනාධිපතිවරයා අවධාරණය කරනු ලැබීය.

සිදු කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසින් සියයට 44 සිට සියයට 20 දක්වා තීරු බදු අඩු කර ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයට ස්තූතිවන්ත වන බවද කී ජනාධිපතිවරයා, එසේම මේ සම්බන්ධව බලපාන කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින් සියලු දෙනා සමඟ නිරන්තරයෙන් සාකච්ඡා කර ඔවුන්ට බලපාන දෑ පිළිබඳ අවබෝධයකින් යුතුව මේ කටයුතු සිදු කළ බවයි.

තවමත් සියයට 20 ප්‍රතිශතය අඩු කර ගත හැකිද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් සිටින බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬