News August 7, 2025 • 7 months ago

මහින්ද පතිරගේ කියන්නේ මහා කලාකරුවෙක් නොවෙයි

මිනිස්සු ඔහු දැකලා තිබුණේ රාජ සභාවෙන් විතරයි. නමුත් රාජ සභාවේ ජනප්‍රියත්වය නිසා ඔහුත් කලාකරුවෙක් වුණා...

A

Admin User

Author

මහින්ද පතිරගේ කියන්නේ මහා කලාකරුවෙක් නොවෙයි
මහින්ද පතිරගේ කියන්නේ මහා කලාකරුවෙක් නොවෙයි.

මිනිස්සු ඔහු දැකලා තිබුණේ රාජ සභාවෙන් විතරයි. නමුත් රාජ සභාවේ ජනප්‍රියත්වය නිසා ඔහුත් කලාකරුවෙක් වුණා.

මහින්ද පතිරගේ සාම්ප්‍රදායික සහ පූර්ණ කාලීන ජවිපෙ සාමාජිකයෙක්.

කිසිඳු කලාකරුවෙක් ජවිපෙ වේදිකාවක නොසිටි 2010, 2019 කාලසීමාවන්වල පවා මහින්ද පතිරගේ ජවිපෙ වේදිකාවේ සිටියා.

ඔහු පක්ෂයේ පොරක්. දශක ගණනාවක් තිස්සේ පක්ෂ කාඩරය නියෝජනය කළ, කලා කමිටු වල නායකයෙක්.

පසුගිය මැතිවරණ ත්‍රිත්වයේම ඔහු මාළිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් රට පුරා ගියා.

නමුත් පතිරගේ පවුලේ එකම ජවිපෙ සාමාජිකයා මහින්ද පතිරගේ පමණක් නොවෙයි.

ඔහුගේ දියණිය නිපුනි ශාරදා පතිරගේ. ඇය සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සහය කථිකාචාර්යවරියක්.

සෞන්දර්ය විශ්ව විද්‍යාලය ජවිපෙ දැඩි බලකොටුවක්. එහි බලය ඇත්තේ අන්ත ජවිපෙ සාමාජිකයන් වන සෞම්‍ය ලියනගේ ලාට.

නිපුනි ශාරදා ට සහය කථිකාචාර්ය තනතුර හිමිවීමට පියාගේ දේශපාලන මිතුරුකම් උපකාර වූ බව එවකට විශ්ව විද්‍යාලයේ ප්‍රධාන මාතෘකාවක් වුණා.

නමුත් අප කතා කරන්නේ ඒ ගැන නොවෙයි.

පසුගිය ප්‍රධාන මැතිවරණ ද්විත්වයේ දී නිපුනි ශාරදා මාලිමා වේදිකාවේ ප්‍රධාන කථිකයෙක්.

මාලිමා කාන්තා සමුලුව වූ 'ගැහැණු අපි එක මිටට' රැස්වීම ඇදගෙන ගියේ ඇය. එවකට ආකර්ෂණීය හඬක් වූ කොට්ටහච්චිටත් වඩා ඇය ජනප්‍රිය වුණා.

ඇයත් රට පුරා ගියා.

එහිදී ඇය රෝම කූප උද්ධීපනය වන ස්වරයෙන් ගායනා කළ කවි ටිල්වින්ගේ නැගිටපල්ලා කවි තරම් ජනප්‍රිය වුණා.

කතාව එයද නොවේ.

මහින්ද පතිරගේ අනුරාධපුර තිසා වැව අයිනේ, රක්ෂිත භූමියෙන් විශාල ඉඩම් කොටසක් නීතිවිරෝධිව අත්පත් කරගෙන.

ඒ ඔහුගේ දේශපාලන හයියෙන් බව අමුතුවෙන් කිවයුතු නැහැ.

දැන් ඔහු එම ඉඩමේ එක්පසක ඉදිකිරීමක් කරනවා. මහල් නිවාසයක් වන එය බොහෝ විට හෝටලයක් ලෙසට භාවිතා කරාවි.

එමෙන්ම ඔහුගේ සේවකයන් විසින් තිසා වැව් රක්ෂිතය එළි කරමින් ඔවුන්ගේ ඉඩම විශාල කරමින් සිටිනවා.

මේ ඉදිකිරීම් සියල්ල ආරම්භ වන්නේ 2024 නොවෙම්බර් මාසයෙන් පස්සේ.

මුහුද අයිනේ කාලයක් පුරා ව්‍යාපාර කළ අහිංසක කොල්ලන්ගේ සර්ෆිං හට් කඩා දැමූවත්, වැව අයිනේ සුද්දන්ට තැඹිලි විකිණු මිනිසුන්ගේ මඩු කඩා දැමූවත්, රජය තිසා වැව අයිනේ ඉදිකළ මහින්ද පතිරගේ ගේ හෝටලයට අත තියන්නේ නැහැ.

රජය එයට ආශිර්වාද කරනවා පමණයි. මාලිමා ආණ්ඩුවේ හිතවතුන්ට වසර ගණනාවක් පුරා පක්ෂයට කඩේ යෑමට කළගුණ සලකන්නේ එහෙමයි.

ඕනෑ නම් ඊලග ඡන්දයකදී මාලිමා වේදිකාවේ නිපුනි ශාරදාට අලුත් කවියක් කිව හැකියි.

"වෙරළේ කඩ කඩයි.
සෙවනගල ගොවීන් අසරණයි.
පතිරගේට නීතිය නිහඬයි.
තිසා වැවටත් ඉවුරේ චූ යයි."

_ සචින් රත්වත්තේ _

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬