News August 6, 2025 • 4 months ago

2025 වසරේ මේ දක්වා අල්ලස් හා දූෂණ සම්බන්ධයෙන් දේශපාලකයන් ඇතුළු 163ක් අත්අඩංගුවට

2025 වසරේ මේ දක්වා අල්ලස් හා දූෂණ සම්බන්ධයෙන් පුද්ගලයින් 63 දෙනකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද(06) පාර්ලිමේන්තුවට පැවසුවාය.

A

Admin User

Author

2025 වසරේ මේ දක්වා අල්ලස් හා දූෂණ සම්බන්ධයෙන් දේශපාලකයන් ඇතුළු 163ක් අත්අඩංගුවට
2025 වසරේ මේ දක්වා අල්ලස් හා දූෂණ සම්බන්ධයෙන් පුද්ගලයින් 63 දෙනකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද(06) පාර්ලිමේන්තුවට පැවසුවාය.

මෙයට රාජ්‍ය සේවකයන් 28 දෙනකු ද ඇතුළත් බව ඇය අනාවරණය කළාය.

2024 දී ද පුද්ගලයන් 86ක් අත්අඩංගුවට ගෙන ඇති බව ඇය පැවසුවාය.

2024 දී දේශපාලනඥයන් හත්දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වසරේ මේ දක්වා දේශපාලනඥයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

2025 වර්ෂයේදී 2025-06.30 දිනට අල්ලස් චෝදනා මත 34 දෙනෙක්ද දූෂණ චෝදනා මත 29 දෙනෙක්ද අත්අඩංගුවට ගෙන ඇත.

එය පහත පරිදිය

දේශපාලඥ/හිටපු දේශපාලනඥ දූෂණ චෝදනා මත 7 යි.
රාජ්‍ය නිලධාරී/ හිටපු රාජ නිලධාරී 2024 දි 58 දෙනෙක් අල්ලස් චෝදනා මත ද,
2025.06.30 දින වනවිට අල්ලස් චෝදනා මත 28යි දූෂණ චෝදනා මත 14ක් අත් අඩංගුවට ගෙන ඇති අතර එකතුව 42 කි.

සිවිල් පුද්ගලයින් 2024 දී 28 දෙනෙක්ද,
අල්ලස් චෝදනාව මත 2023 .06.30 වන දිනට 6 යි , දූෂණ චෝදනා මත 3යි ඒකතුව 9 යි.

දේශපාලඥයන්ගේ ඥාතීන් 2025.06.30 දිනට දූෂණ චෝදනා මත 5 යි. එකතුව 5යි.

සම්පූර්ණ එකතුව 2024 අල්ලස් චෝදනා මත 85යි.

2025.06.30 දිනට අල්ලස් චෝදනා මත 134යි. දූෂණ චෝදනා මත 29 කි. සම්පූර්ණ එකතුව 163 යි.

2023 අංක 03 දරණ දූෂණ විරෝධී පනත හඳුන්වාදීමත් සමඟම එම දූෂණ විරෝධී පනත මගින් ඇති කරනු ලැබූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පෙර පැවති පනත්වලට වඩා විශාල බලතල රාශියක් හිමි විය.

ඒ අනුව පෙර පැවැති අල්ලස් හෝ දූෂණ වැරදි වලට අනුව තවත් වැරදි රාශියක් හඳුන්වා දුන් අතර ඒ සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහයේ පොදු දේපල පනත යටතේ වන වැරදි සම්බන්ධයෙන්ද, මුදල් විශුද්ධිකරණ පනත යටතේ වන වැරදි සම්බන්ධයෙන්ද විමර්ශන හා නඩු පැවරීමේ බලය දූෂණ විරෝධී පනත මඟින් ලැබුණි. ඒ අනුව 2023.9.15න් පසු දූෂණ විරෝධී පනත බලාත්මක වීමෙන් පසු විශේෂයෙන් අල්ලස් පනතේ 70වගන්තිය යටතේ වෙන සහ දූෂණ විරෝධී පනතේ 111 වන වගන්තිය යට පිළිබඳ දූෂණය නැමැති වරද සම්බන්ධයෙන් මොන විමර්ශනයක් කඩිනම් කරනු ලැබූ අතර දීර්ඝ කාලයක් විමර්ශන යටතේ පැවති ගොනු කඩිනමින් අවසන් කිරීම සඳහා වන ක්‍රමවේදයක් සකස් කරන ලද අතර ඒ හේතු කොටගෙන විශේෂයෙන් මහා පරිමාණ දූෂණවලට අදාළ ගොනු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වූ අතර එම විමර්ශනයත් ඉතා ඉක්මනින් අවසන් කිරීමේ ක්‍රමවේදයක්ද සකස් කරන ලදී .

ඒ අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවත්වනු ලබන විමර්ශනයන්ට අත්අඩංගුවට හෝ නඩු පැවරීමට සම්බන්ධයෙන් රජය කිසිදු මැදිහත් වීමක් සිදු නොකරයි.

Tags

##Srilanka #mingirisNews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

1 month ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

1 month ago
0 ❤️ 0 💬
ස්ලැවෝයි ජිජැක්

ස්ලැවෝයි ජිජැක්

අවාසනාවට වගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සුබසාධක රාජ්‍යයේ යුගයත් දැන් ඉවරයි.

1 month ago
0 ❤️ 0 💬