News August 6, 2025 • 7 months ago

කාදිනල් හිමියන්ගෙන් විමල් වීරවංශට එන්තර වාසියක්

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් කොළඹ අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සම්බන්ධයෙන් වැරදි අදහසක් ගම්‍යවන අයුරින් සිදු කළ ප්‍රකාශයක් නිවැරදි කරන ලෙස ඉල්ලා ...

A

Admin User

Author

කාදිනල් හිමියන්ගෙන් විමල් වීරවංශට එන්තර වාසියක්
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් කොළඹ අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සම්බන්ධයෙන් වැරදි අදහසක් ගම්‍යවන අයුරින් සිදු කළ ප්‍රකාශයක් නිවැරදි කරන ලෙස ඉල්ලා එන්තර වාසියක් යොමු කරන බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් පවසයි.

වීරවංශ මහතා පෞද්ගලික රූපවාහිනී සාකච්ඡාවකදී සිදු කළ ප්‍රකාශයක් සහ එම කරුණු උපුටා දක්වමින් වෙබ් පුවත් අඩවියක වාර්තා කර තිබූ කරුණු සම්බන්ධයෙන් මෙලෙස එන්තර වාසි යොමු කර මින් එම අසත්‍ය ප්‍රකාශය නිවැරදි කරන ලෙස දැනුම් දෙන බව සිරිල් ගාමිණී පියතුමා අගරදගුරු නිල නිවසේ අද(06) පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේය.

මෙරට පාස්කු ප්‍රහාර සිදු වූ දිනයේ දී ඉතිහාසයේ පළමු වතාවට කාදිනල් හිමියන් පාස්කු ඉරිදා උදෑසන දේව මෙහෙයට සහභාගී නොවූ බවත් ඊට පෙර වසරවලදී මෙම දේව මෙහෙයට සහභාගී වී තිබූ බවත් විමල් වීරවංශ මහතා පවසා තිබුණි. එසේම 2019 වසරට පසුවත් පැවැති පාස්කු ඉරිදා උදෑසන දේව මෙහෙයන්ට සහභාගී වී ඇති බවත් කාදිනල් හිමියන් සම්බන්ධයෙන් සදහන් කර ඇත.

මෙයින් විමල් වීරවංශ මහතා අදහස් කරනුයේ, කාදිනල් හිමියන් පාස්කු බෝම්බ ප්‍රහාරය දැන සිටියාය යන්න වූ අර්ථයක් බවට සැකයක් ඇතැයි සිරිල් ගාමිණී පියතුමා පෙන්වා දෙයි.

කෙසේ නමුත් විමල් වීරවංශ මහතාගේ ප්‍රකාශය අසත්‍ය බවත් සෑම පාස්කු ඉරිදා දේව මෙහෙයකදීම කාදිනල් හිමියන් පාස්කු ඉරිදාට පෙර දින මධ්‍යම රාත්‍රියේ දිව්‍ය පූජාව පවත්වන බවත් 2019 වසරේ දී ද එලෙසම මධ්‍යම රාත්‍රියේ දී කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ දී දිව්‍ය පූජාව පැවැත්වූ බවත් සිරිල් ගාමිනී පියතුමා කියාසිටියේය.

මෙලෙස මධ්‍යම රාත්‍රියේ දිව්‍ය පූජාව පැවැත්වීම සාමාන්‍ය සම්ප්‍රදාය බවත් එය මෙරට කතෝලික ජනතාවගේ ප්‍රධාන දිව්‍ය පූජාවවන බවත් සාමාන්‍යයෙන් උදෑසන දිව්‍ය පූජාවක් කාදිනල් හිමියන් නොපවත්වන බවත් සදහන් කෙරුණි.

ප්‍රකාශනයේ නිදහස මූලික මිනිස් අයිතිවාසිකමක් බවත් ඒ නිදහස තියෙන්නේ අසත්‍ය ප්‍රකාශ කිරීමට නොවන බැවින් විමල් වීරවංශ මහතා සිදු කළ මෙම අසත්‍ය කරුණු නිවැරදි කරන ලෙස ඉල්ලා විමල් වීරවංශ මහතාට එන්තරවාසියක් යොමු කිරීමට සිය නීතීඥවරු කටයුතු කරමින් සිටින බවද සිරිල් ගාමිනී පියතුමා වැඩිදුරටත් පැවසීය.

Tags

##Srilanka #mingirisNews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬