News August 6, 2025 • 4 months ago

සමෘද්ධි සේවකයන්ගේ 4%ක අධිභාරය එක් වරක් පමණක් අය කිරීමට කැබිනට් අනුමැතිය

2014 වර්ෂයේ සමෘද්ධි සේවකයන් සමෘද්ධි අධිකාරියෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය වීමේදී සේවක ගැටලු ගණනාවක් පැණනැගුණි. ඉන් ප්‍රධාන අර්බුදයක් වන්නේ සමෘද්ධි අධිකාරිය තුළ සේවය කළ කාලයට...

A

Admin User

Author

සමෘද්ධි සේවකයන්ගේ 4%ක අධිභාරය එක් වරක් පමණක් අය කිරීමට කැබිනට් අනුමැතිය
2014 වර්ෂයේ සමෘද්ධි සේවකයන් සමෘද්ධි අධිකාරියෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය වීමේදී සේවක ගැටලු ගණනාවක් පැණනැගුණි. ඉන් ප්‍රධාන අර්බුදයක් වන්නේ සමෘද්ධි අධිකාරිය තුළ සේවය කළ කාලයට අදාළව ලබාගත් අර්ථසාධක අරමුදලින් නැවත ගෙවිය යුතු රජයේ දායකත්වය වන 60%ක ප්‍රමාණය සහ 4%ක අධිභාරයක් ගෙවීමට සිදුවීමයි.

මේ නිසා සේවකයන් මහත් පීඩාවට පත්ව සිටියහ. විශ්‍රාම යන සේවකයන්ට තම විශ්‍රාම වැටුපෙන් විශාල මුදලක් රජයට ගෙවීමට සිදුවීම හේතුවෙන් විශ්‍රාම යාම පවා සේවකයන්ට මහත් හිසරදයක්ව පැවතුණි.

25000ට ආසන්න සමෘද්ධි සේවකයන් මෙම ගැටළුවට විසඳුම් සොයා විවිධ කාලයන් වලදී පැවති රජයන් සමඟ සාකච්ඡා කළ ද ඉන් ඵලක් නොවීය. උද්ඝෝෂණ, වැඩවර්ජන කළත් ගැටළුවට විසඳුමක් නොලැබුණි.

නව රජයේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සමඟ සමෘද්ධි සේවක වෘත්තීය සමිති කළ සාකච්ඡාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස පසුගියදා (04) පැවති කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා අමාත්‍යවරයා විසින් 4%ක අධිභාරය එක් වරක් පමණක් අය කිරීමට කළ යෝජනාව සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

එය සමෘද්ධි සේවකයන්ට මහත් අස්වැසිල්ලක් බව ඔවුන් අවධාරණය කර සිටියි. නව රජය පත්වීමත් සමඟ විෂය භාර අමාත්‍යවරයාගේ මැදිහත් වීම තුළ සමෘද්ධි සේවකයන්ට මෙතෙක් නොතිබි සේවක උසස්වීම් පටිපාටියක් හඳුන්වාදීම, සේවක අවධානම් දීමනාව ඉහල දැමීම, කාර්යාල දීමනාව ඉහල දැමීම වැනි ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවද එහිදි සඳහන් කෙරිණි.

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

1 month ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

1 month ago
0 ❤️ 0 💬
ස්ලැවෝයි ජිජැක්

ස්ලැවෝයි ජිජැක්

අවාසනාවට වගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සුබසාධක රාජ්‍යයේ යුගයත් දැන් ඉවරයි.

1 month ago
0 ❤️ 0 💬