News August 5, 2025 • 4 months ago

තරුණයින් පළාත් පාලනයට යොදාගන්නා “YoLoGo” වැඩසටහන ඇරඹේ

බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන හරහා ක්‍රියාත්මක සංවර්ධන කටයුතු සඳහා තරුණයින් සහයෝගී කර ගැනීමේ YoLoGo (Youth in Local Governance)...

A

Admin User

Author

තරුණයින් පළාත් පාලනයට යොදාගන්නා “YoLoGo” වැඩසටහන ඇරඹේ
බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන හරහා ක්‍රියාත්මක සංවර්ධන කටයුතු සඳහා තරුණයින් සහයෝගී කර ගැනීමේ YoLoGo (Youth in Local Governance) වැඩසටහනේ සමාරම්භක උත්සවය අද (05) බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවර හනීෆ් යුසූෆ් මහතාගේ සහ ශ්‍රී ලංකා කැනේඩියානු මහ කොමසාරිස් එරික් වෝල්ෂ් මහතාගේ ප්‍රධානත්වයෙන් බස්නාහිර පළාත් සභා ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වූ අතර මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, රාජ්‍ය පරිපාලන,පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සේනාරත්න, කොළඹ මහා නගරසභාවේ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියේය.

ගරු ආණ්ඩුකාරවරයාගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක මෙම සුවිශේෂ වැඩසටහන බස්නාහිර පළාත් සභාව සහ ශ්‍රී ලංකා කැනේඩියානු මහා කොමසාරිස් කාර්යාලය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට කටයුතු සුදානම් කර ඇති අතර මෙම වැඩසටහන හරහා වර්තමානය වන විට රාජ්‍ය පාලනයට අඩු දායකත්වයක් සපයන තරුණ නියෝජනය ඉහළ ප්‍රතිශතයකින් දායක කරගැනීම අරමුණු කරයි.

1971,1987-89 තරුණ නැගිටීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක මහතා විසින් 1990 වසරේ දී තරුණ කොමිසම හදුන්වාදුන් අතර පසුව පළාත් පාලන ආයතනවල තරුණයින් (18-35) සඳහා නිර්දේශිත 40% කෝටාව හදුන්වාදුන් බවත් 1990 අංක 25 දරන පළාත් පාලන ආයතන මැතිවරණ (සංශෝධන) පනත මගින් ද රාජ්‍ය පාලනයට තරුණයින් වැඩි වශයෙන් සම්බන්ධ කරගැනීමට ප්‍රයත්න දැරුවද වර්තමානය තෙක් එය අපේක්ෂිත මට්ටමින් සාර්ථක වී නොමැති බවත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක මෙම YoLoGo වැඩසටහන එම රික්තකය පිරවීමට ජාත්‍යන්තර සහයෝගය සහිතව දරන ප්‍රයත්නයක් බවත් මෙම සමාරම්භක උත්සවයේදී ආණ්ඩුකාරවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරී අරුණ ප්‍රදීප් කුමාර මහතා කියා සිටියේය.

මෙම වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ සියලුම නගර සහ ප්‍රාදේශීය සභා 49ක තරුණ මන්ත්‍රීවරුන් නියෝජිතයන් ලෙස පත්කරමින් පළාත් තරුණ පාලන ජාලයක් පිහිටුවන බවත්, ඔවුන්ගේ මෙහෙයවීම යටතේ තරුණයින්ගෙන් සමන්විත තරුණ උපදේශන කමිටු සෑදීමට කටයුතු කරන බවත් ආණ්ඩුකාරවරයා කියා සිටි අතර එතුමා අවධාරණය කරමින් කියා සිටියේ “තරුණයින් අනාගතය නොව, ඔවුන් මේ මොහොතේම නායකත්වය ගන්නා ජනතාවය” බවයි.

මෙම උත්සවයට සහභාගී වෙමින් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ප්‍රකාශ කර සිටියේ….

“අපි හරි කැමතියි පළාත් පාලන ආයතන සමඟ සහයෝගයෙන් වැඩ කරන්න මේ වන විට රජය විසින් වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා තරුණ සංගම්වල නායකයින් පළාත් පාලන ආයතනවල වැඩපිළිවෙළ හා සම්බන්ධ කරගන්න.

ලබන වසර තුළ පොලිටිකල් ඇකඩමියක් හදන්න බලාපොරොත්තු වෙනවා, ආණ්ඩුකාරතුමා සහ මෙම වැඩපිළිවෙළ හා සම්බන්ධ වූ සියලු දෙනා සමග එකට එකතු වෙන්න අපි කැමතියි.

රට පුරා සිටින තරුණ තරුණයන් අප අභිබවා යා යුතු බව අප නිරන්තරයෙන් විශ්වාස කරනවා”

Tags

##Srilanka #mingirisNews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

1 month ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

1 month ago
0 ❤️ 0 💬
ස්ලැවෝයි ජිජැක්

ස්ලැවෝයි ජිජැක්

අවාසනාවට වගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සුබසාධක රාජ්‍යයේ යුගයත් දැන් ඉවරයි.

1 month ago
0 ❤️ 0 💬