News August 5, 2025 • 7 months ago

මෙරට කුඩා පරිමාණ මත්ස්‍ය ගොවි පවුල් සවිබල ගන්වන AquaLivelihood’ ඇරඹෙයි

රුපියල් කෝටි 17.5 ක ආයෝජනයකින් ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ මත්ස්‍ය ගොවි පවුල් 11,000ක් සවිබල ගන්වන...

A

Admin User

Author

මෙරට කුඩා පරිමාණ මත්ස්‍ය ගොවි පවුල් සවිබල ගන්වන AquaLivelihood’ ඇරඹෙයි
රුපියල් කෝටි 17.5 ක ආයෝජනයකින් ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ මත්ස්‍ය ගොවි පවුල් 11,000ක් සවිබල ගන්වන කලාපීය ‘AquaLivelihood’ ව්‍යාපෘතිය ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය, රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05)කොළඹදී නිල වශයෙන් ආරම්භ විය.

කොළඹ – දකුණු ආසියානු කලාපයේ කුඩා පරිමාණ මත්ස්‍ය ගොවීන් සවිබල ගැන්වීම සහ පෝෂණ සුරක්ෂිතතාව ඉහළ නැංවීම අරමුණු කරගත් කලාපීය “AquaLivelihood” ව්‍යාපෘතිය, සාර්ක් සංවර්ධන අරමුදල (SDF) සහ සාමාජික රටවල ජාතික ආයතන සමඟ එක්ව ක්‍රියාත්මක වෙයි.

“ජලජීවී වගා සංවර්ධනය තුළින් සාර්ක් කලාපයේ කුඩා පරිමාණ මත්ස්‍ය ගොවීන්ගේ ජීවනෝපාය නැංවීම සහ ග්‍රාමීය ජනතාවගේ පෝෂණ සුරක්ෂිතතාවය” යන තේමාව යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 3.97ක මුදලක් ආයෝජනය කර තිබේ.. මෙමගින් බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල ග්‍රාමීය පවුල්120,000කට අධික සංඛ්‍යාවකට සෘජු ප්‍රතිලාභ හිමිවනු ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ, ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මත්ස්‍ය ගොවි පවුල්11,000ක් පමණ සෘජු ප්‍රතිලාභ ලබනු ඇති අතර, ඒ සඳහා ඇමරිකානු ඩොලර් 586,224ක (රුපියල් මිලියන 175කට ආසන්න) මුදලක් වෙන්කර තිබේ. ශ්‍රී ලංකාවේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන නියෝජිත ආයතනය ලෙස ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) කටයුතු කරයි.

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬