News August 5, 2025 • 7 months ago

අතත්‍ය නගර නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියේ (Virtual City Creation Project)

ලෝක උරුමයක් වන ඵෙතිහාසික ශ්‍රී දළදා මාළිගාව ඇතුළත් මහනුවර නගරය....

A

Admin User

Author

අතත්‍ය නගර නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියේ (Virtual City Creation Project)
අතත්‍ය නගර නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියේ (Virtual City Creation Project) නියමු ව්‍යාපෘතියක් ලෙස යුනෙස්කෝ ලෝක උරුමයක් වන ඵෙතිහාසික ශ්‍රී දළදා මාළිගාව ඇතුළත් මහනුවර නගරය, Virtual City in Kandy නමින් නිර්මාණය කිරීම සඳහා හඳුනාගනු ලැබ තිබෙනවා.

එම නියමු ව්‍යාපෘතියෙහි පළමු කොටස ලෙස මහනුවර නගරය කේන්ද්‍ර කර ගත් සංචාරක ආකර්ෂණයන් හා සංචාරක විභවයන් සහිත ස්ථානයන් ලෙස ප්‍රමුඛතාව මත හඳුනාගත් ස්ථාන 58ක් සහ එම ව්‍යාපෘතියෙහි දෙවන කොටස ලෙස ඵෙතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය හා ඒ ආශ්‍රිතව පවතින ඵෙතිහාසිකමය හා සංචාරකමය වැදගත්කමකින් යුක්ත වූ ස්ථාන 20ක් තාක්ෂණිකව නිර්මාණය කිරීමටයි සැලසුම් කොට ඇත්තේ.

නිෂ්පාදන ආයතනය සතු ශක්‍යතාව හා තාක්ෂණික හැකියාව පිළිබඳවත්, එම ආයතනය මඟින් සිදු කර ඇති පූර්ව නිෂ්පාදන කටයුතු පිළිබඳවත් ඇගයීමක් සිදු කොට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් අදාළ කාර්යය සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සුදුසු බවට නිර්දේශ කර තිබෙනවා.

ඒ අනුව, Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ වෙන් කර දී ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මඟින් Virtual City in Kandy ව්‍යාපෘතියෙහි නිෂ්පාදන කටයුතු සිදු කිරීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා.

Tags

##mingirisnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬