News August 4, 2025 • 7 months ago

සාහිත්‍යවේදී මංජුල වෙඩිවර්ධන සමග රොන්සුනු සුවඳ

ලිවීම කියන්නේ ලිවීම. ඒක අතිශය සවිඥානිකයි කියලා හිතුණට ලියන්නට...

A

Admin User

Author

සාහිත්‍යවේදී මංජුල වෙඩිවර්ධන සමග රොන්සුනු සුවඳ
"ලිවීම කියන්නේ ලිවීම. ඒක අතිශය සවිඥානිකයි කියලා හිතුණට ලියන්නට අහුවෙන්නැති මාත්‍රාවකින් අවිඥානයේ මුද්‍රාවක් විදිහට පඨිතය ඇතුළේ ඉතිරි වෙනවා. ආඛ්‍යානය ඇතුළේ ඉතිරි වෙනවා. සාහිත්‍ය තර්කනය ඇතුලේ ඉතිරි වෙනවා.කාව්‍යමයත්වය ඇතුළේ ඉතිරි වෙනවා.

කෙනෙක්ට පුළුවන් තමන් එළියට නොයනවා කියලත් හිතාගෙන කිසියම් ආඛ්‍යානයක් ගොඩනගන්න. නමුත් නිර්මාණාත්මක කියවන්නට පුළුවන් ඒ නොකියන කොටස අල්ලගන්න. ගැඹුරු විචාරකයෙකුට පුළුවන් ඒක විශ්ලේෂණය කරන්න. ඒ හින්දා ලිවීම කියන්නේ තමන්ව අහුවෙයිද නැද්ද කියල හිතමින් කරන වැඩක් නෙවෙයි. ලිවීම කියන්නේ එළිවීමට ඉඩදීමමයි.

නිර්මාණය අවේශය කියලා දෙයක් තියෙනවා. පුද්ගලිකව මට අදාළව ගත්තොත් ලිවීමේ එක්තරා මොහොතකදී මං පවතින්නේ ඒ ලිවීම ඇතුළෙන්ම විතරයි. සිතුවිලි ගලන වේගය ඉතාම වේගවත්. ඒ වේගයට සාපේක්ෂව ලියන්න පුළුවන් කමක් නෑ. ඒ නිසාම අත්හැරෙන කොටස විශාලයි. මං හිතන්නෑ ඒකට විසඳුමක් ඇති කියලා. සමහර ඇවිත් යන දේවල් නැවත එන්නෙම නෑ. මතකයේ තියෙනවා, කිසියම් බරපතළ ගැඹුරු සුන්දර දෙයක් තමන් ඒ මොහොතේ ගත කරන ක්‍රියාවලියට අදාළව මතු වුණා කියලා. නමුත් ඒක ඇවිල්ලා ගිහිල්ලා ඉවරයි. මිනිස් මනස ක්‍රියා කරන විදිහ කියන්නේ සංකීර්ණ සංසිද්ධියක්. ලියන්නෙකුට අදාළව ඒක ඉතාම සංකීර්ණයි.

තමන් මතු වෙනවද නැද්ද කියලා හිතමින් ලියන එක මගේ විශ්ලේෂණය අනුව තරමක හුරතල් වැඩක්. ළාමක ළපටි වැඩක්. කොටින්ම තමන්ව නිරුවත් කරලා පෙන්නන්න බැරි කිසිම කෙනෙක්ට බරපතළ ලියන්නෙක් වෙන්න බෑ. සාමාන්‍ය ලියන්නෙක් වෙන්න පුළුවන් වෙයි. කතා ලියන්නෙක් වෙන්න පුළුවන් වෙයි. කොටින්ම බෙස්ට් සෙලර් කෙනෙක් පවා වෙන්න පුළුවන් වෙයි. සම්මාන ගන්න පවා පුළුවන් වෙයි. නමුත් බරපතළ ලියන්නෙක් වෙන්න බෑ."

- මංජුල වෙඩිවර්ධන

Tags

##mingirisnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬