News August 3, 2025 • 7 months ago

වැඩිහිටි තැනැත්තන්ගේ සුබසාධනය සඳහා රුපියල් මිලියන 500ක්

2025 අයවැයෙන් රුපියල් මිලියන 200ක් සහ වැඩිහිටි තැනැත්තන් සඳහා වන සුබසාධන අරමුදලින් රුපියල් මිලියන 300ක් ....

A

Admin User

Author

වැඩිහිටි තැනැත්තන්ගේ සුබසාධනය සඳහා රුපියල් මිලියන 500ක්
2025 අයවැයෙන් රුපියල් මිලියන 200ක් සහ වැඩිහිටි තැනැත්තන් සඳහා වන සුබසාධන අරමුදලින් රුපියල් මිලියන 300ක් වශයන් රුපියල් මිලියන 500ක් මේ වසරේ වැඩිහිටි පුද්ගලයන්ගේ සුබසාදනය සඳහා රජය වියදම් කිරීමට සැලසුම් කර තිබේ.

ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශයට අනුබද්ධ වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික මහ ලේකම කාර්යාලයේ අර්ධ වාර්ෂික ප්‍රගති සමාලෝචනය පසුගියදා විෂය භාර අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී පැවැත්වුණු අතර එහි දී මේ පිළිබද ප්‍රකාශ කෙරුණි.

වැඩිහිටි තැනැත්තන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමේ පනත කාලීන අවශ්‍යතාවන්ට අනුරූපී වන ලෙස සංශෝධනය කිරීම, වැඩිහිටි තැනැත්තන් සඳහා නව ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම, වැඩිහිටි තැනැත්තන් සඳහා වන සුබසාධන කටයුතු අඛන්ඩව පවත්වාගෙන යාම, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනූව වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයක් කතරගම ප්‍රදේශයේ ඉදිකිරීම, සියළුම වැඩිහිටි රැකවරණ මධ්‍යස්තාන නව මාර්ගෝපදේශන අනූව ලියාපදිංචි කිරීම වැනි කරුණු පිළිබඳව එහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු විය.

අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේ දී සඳහන් කළේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි සියළුම වැඩිහිටියන් සඳහා සුව පහසු ප්‍රීතිමත් විශ්‍රාම දිවියක් උරුමකර දීම වෙනුවෙන් වගකිය යුතු ප්‍රධාන අමාත්‍යංශය ලෙස හා ආයතනය ලෙස විශාල වගකීමක් පැවරී තිබෙන බවයි. ඒ වෙනුවෙන් සියළු දෙනා කැප විය යුතු බවද වැඩිදුරටත් ඒ මහතා ප්‍රකාශ කර සිටියා. වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිදුම් මහතා ඇතුළු එම කාර්යාලයේ සියළුම නිළධාරීන් එම අවස්ථාවට සභාගිව සිටියේය.

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬