News
August 3, 2025 • 4 months ago
බීමත්ව රිය ධාවනය කළ ලංගම රියදුරෙක් අත්අඩංගුවට
වැලිමඩ සිට නුවරඑලිය හරහා බීමත්ව රිය ධාවනය කළ ලංගම බස් රථයේ රියදුරෙක් නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
A
Admin User
Author
වැලිමඩ සිට නුවරඑලිය හරහා බීමත්ව රිය ධාවනය කළ ලංගම බස් රථයේ රියදුරෙක් නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් නිලධාරීන් විසින් නවතා පරීක්ෂා කිරීමේ දී රියදුරු අධික ලෙස බීමත්ව සිට ඇති බවට තහවුරු වී ඇත.
අදාල බස් රථය නුවරඑලිය පොලිසිය වෙත රැගෙනවිත් පරික්ෂා කර ඇති අතර එහිදී රියදුරු අසුන පිටුපස තිබී නීතිවිරෝධි මත්පැන් සහිත කෑන් එකක් ද පොලිස් නිලධාරින් විසින් සොයා ගනු ලැබීය. පොලිසිය සැකපළ කරන්නේ මෙම රියදුරා බස් රථය ධාවනය කරන අවස්ථාවේ වතුර බොන මුවාවෙන් මෙලෙස මත්පැන් පානය කර ඇති බවයි.
ඒ අනුව වෙනත් රියදුරෙකු කැදවා බස් රථයේ සිටින මගීන්ව ගමනාන්තය දක්වා රැගෙන යන ලෙසට නුවරඑළිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් විසින් බස් රථයේ කොන්දොස්තරවරයාට උපදෙස් ලබා දී තිබේ. අත්අඩංගුවට ගත් රියදුරා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

Tags
##Srilanka #mingirisNews #worldnews