News August 2, 2025 • 7 months ago

ඉන්දුනීසියාවේ ලෙවෝටෝබි ගිනි කන්ද සක්‍රිය වෙයි

ලොව වඩාත් ක්‍රියාකාරීම ගිනි කන්දක් ලෙස සැලකෙන ඉන්දුනීසියාවේ ලෙවෝටෝබි ගිනි කන්ද පුපුරා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

A

Admin User

Author

ඉන්දුනීසියාවේ ලෙවෝටෝබි ගිනි කන්ද සක්‍රිය වෙයි
ලොව වඩාත් ක්‍රියාකාරීම ගිනි කන්දක් ලෙස සැලකෙන ඉන්දුනීසියාවේ ලෙවෝටෝබි ගිනි කන්ද පුපුරා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කර සිටියේ, එරට වේලාවෙන් ඊයේ (1) රාත්‍රී 8:48ට පමණ ගිනිකන්ද පුපුරා ගිය බවය.

ඉන්දුනීසියානු ගිනිකඳු ඒජන්සියට අනුව සක්‍රිය වූ ගිනි කන්දේ අළු දුමාරය කිලෝමීටර 10ක උසක් පුරා අහසේ විසිරී ඇත.

මේ අතර මෙම කාලයේ අධික වර්ෂාවක් ඇති වුවහොත් ගිනි කන්දෙන් පිටවූ ලවා නායයෑමකට ලක්විය ඇතිවිය බැවින්, ගිනි කන්දේ ආවාටයෙන් කිලෝමීටර් 6-7ක ප්‍රදේශයක සිටින ජනතාවට අවධානයේ සිටින ලෙසට උපදෙස් ලැබී තිබේ.

මෙම ගිනි කන්දේ පිපිරීම මෑත කාලයේ අවස්ථා කිහිපයකදීම වාර්තා වූ අතර, ඉකුත් ජූලි මාසයේ සිදුවූ පිපිරීම් හේතුවෙන් බාලි දූපත වෙත ගමන්ගත් ජාත්‍යන්තර ගුවන් ගමන් රැසක්ම ප්‍රමාද කිරීමට හෝ අවලංගු කිරීමට සිදුවිය.

විශාල දූපත් සමූහයකින් සමන්විත ඉන්දුනීසියාව, පැසිෆික් ‘ගිනි වළල්ල’ මත පිහිටා තිබීම හේතුවෙන් ඔවුන්ට නිතර භූකම්පන සහ ගිනිකඳු පිපිරීම්වලට මුහුණදීමට සිදුව තිබේ.

Tags

##Srilanka #mingirisNews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬