තමන් හැදූ හෙලිකොප්ටරය කඩා වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
රුසියාවේ 88 හැවිරිදි පුද්ගලයෙක් ඔහු විසින්ම තැනූ හෙලිකොප්ටරයකින් ගුවන් ගත වීමට උත්සාහ කිරීමේදී එය කඩා වැටීම හේතුවෙන් මිය ගොස් තිබේ.
Admin User
Author
මෙම ඛේදජනක සිදුවීම කිරොව් කලාපයේ ඔමුට්නින්ස්කි දිස්ත්‍රික්කයේ සිදුව ඇත.
අදාළ පුද්ගලයා තමා විසින් සකසන ලද මෙම හෙලිකොප්ටර් යන්ත්‍රයක් පරීක්ෂා කිරීම සඳහා ගුවන්ගත වීමට උත්සහා කිරීමේ දී එය කඩා වැටී තිබේ.
එහිදී ඔහු බරපතල තුවාල ලබා ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කෙසේ වෙතත් මෙම ගුවන් යානය ලියාපදිංචි කර නොමැති අතර සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් දැනටමත් සිදුවෙමින් පවතින බවද සඳහන් වේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ ව්ලැඩිමීර් ට්‍රැපෙස්නිකොව් නම් පුද්ගලයෙක් වන අතර ඔහු ළමා වියේදී ගුවන් නියමුවෙකු වීමට සිහින මැවූ නව නිපැයුම්කරුවෙකි.
1985දී ඔහුට, ඔහු විසින්ම සෑදූ ගුවන් යානයකින් සාර්ථක ගුවන් ගමනක් සිදු කිරීමට හැකියාව ලැබී ඇති අතර ඒ පිළිබඳව කෙටි චිත්‍රපටයක් ද නිර්මාණය වී ඇත.
ඔහු පියාසර යන්ත්‍ර පහක් නිර්මාණය කර ඇති අතර අවාසනාවකට මෙන්, ඔහුගේ නව නිපැයුම දියත් කිරීමට උත්සාහ කිරීමේදී මෙසේ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.