News August 1, 2025 • 7 months ago

මහනුවර ඇසළ පෙරහැරට තොරතුරු කළමනාකරණ පද්ධතියක්

ඇසළ පෙරහැරට තොරතුරු කළමනාකරණ පද්ධතියක්

A

Admin User

Author

මහනුවර ඇසළ පෙරහැරට තොරතුරු කළමනාකරණ පද්ධතියක්
මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය පසුගිය 30වැනිදා ආරම්භ වූ අතර එය අගෝස්තු මස 08 වැනිදා දක්වා වීථි සංචාරය කිරීමට නියමිතය.

මෙම පෙරහර නැරඹීම සඳහා දෙස් විදෙස් ජනතාව විශාල සංඛ්‍යාවකගේ සහභාගිත්වය අපේක්ෂා කරයි.

එබැවින් ශ්‍රී ලංකා පොලිසිය මේ සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබේ.

ඒ අනුව, දළදා පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාවගේ පහසුව වෙනුවෙන් ”මහනුවර ඇසළ පෙරහැර – 2025″ තොරතුරු කළමණාකරන පද්ධතිය ශ්‍රී ලංකා පොලිසිය විසින් හඳුන්වා දී ඇත.

මෙය පරිශීලනය කරන මහජනතාවට රථ වාහන නැවත්වීම සඳහා ඇති රථගාල්, පෙරහර ගමන් ගන්නා මාර්ගය, පෙරහර නැරඹිය හැකි ස්ථාන, සනීපාරක්ෂක පහසුකම් සලසා ගත හැකි ස්ථාන සහ පැමිණි පිරිසෙන් මඟහැරෙන්නන් හමුවිය හැකි ස්ථාන සම්බන්ධව සජීවී තොරතුරු ලබා ගැනීමේ හැකියාව ද තිබේ.

රථගාල් කළමණාකරණය කරනු ලබන පොලිස් නිලධාරින් විසින් මෙම පද්ධතිය නිරතුරුව යාවත්කාලීන කරනු ලබන අතර එම තොරතුරු ක්ෂණිකව දැනගැනීම සඳහා ජනතාවට මෙම මෘදුකාංගය භාවිතා කළ හැකිය.

Tags

##Srilanka #mingirisNews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬