News August 1, 2025 • 7 months ago

‘වත්මන් ශ්‍රී ලංකාවේ ආයෝජනයට හිතකර පරිසරයක් නිර්මාණය වෙලා‘

මාලදිවයින් ව්‍යාපාරික ප්‍රජාව ඇමතූ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ආර්ථික සහයෝගිතාව වැඩිදියුණු කිරීම

A

Admin User

Author

‘වත්මන් ශ්‍රී ලංකාවේ ආයෝජනයට හිතකර පරිසරයක් නිර්මාණය වෙලා‘
මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සහ ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා-මාලදිවයින් ව්‍යාපාරික කවුන්සිලය එක්ව සංවිධානය කරන ලද, ව්‍යාපාරික සංසදයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (30) පස්වරුවේ සහභාගි විය.

මාලදිවයිනේ JEN Maldives Malé හෝටලයේ පැවති මෙම ව්‍යාපාරික සංසදයෙහි අරමුණ වූයේ, ශ්‍රී ලංකාව ආයෝජන, වෙළෙඳ සහ සංචාරක කර්මාන්තයන්හි ආයෝජන සඳහා ඉහළ විභවතාවක් සහිත රටක් බව පෙන්වා දෙමින් මාලදිවයින් ව්‍යාපාරික ප්‍රජාවට මෙරට ආයෝජනය සඳහා ආරාධනා කිරීමය.

මෙහිදී මාලදිවයින් ව්‍යාපාරික ප්‍රජාව ඇමතූ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ආර්ථික සහයෝගිතාව වැඩිදියුණු කිරීම සඳහා පවතින අවස්ථා සහ හැකියාව පිළිබඳ අවධාරණය කළේය. 2022 ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව ශක්තිමත් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාත්‍යන්තර සහයෝගය තුළින් ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගෙන ඇති බව ප්‍රකාශ කළ ජනාධිපතිඅනුර කුමාර දිසානායක මහතා, වත්මන් ශ්‍රී ලංකාවෙහි ආයෝජනයට හිතකර පරිසරයක් නිර්මාණය වී ඇති බව පෙන්වා දුන්නේය. ඒ අනුව, පැවති ඉහළ උද්ධමන අගය ආදී ආර්ථිකමය අභියෝග මේ වන විට ජය ගෙන ඇති බවත්, විදේශ සංචිත ශක්තිමත් කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කකළ අතර 2025 වර්ෂයේදී 5%ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බැවින්, මේ මොහොතේ ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් පැහැදිලි සහ ස්ථායී මාවතක ගමන් කරමින් තිබෙන බව මාලදිවයින් ව්‍යාපාරික ප්‍රජාව හමුවේ ප්‍රකාශ කළේය.

එසේම, 2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකාවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් ඇති ආණ්ඩුවක් නිර්මාණය වී ඇති බවත්, එබැවින් රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇතිවී ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා, “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන ජාතික දැක්ම අනුව,සුපිළිපන් පාලනයක් සහ දූෂණයෙන් සහ අක්‍රමිකතාවන්ගෙන් තොර සමාජයක් ගොඩනැඟෙමින් පවතින බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වී ඇති ආයෝජන හිතකර පරිසරය පිළිබඳව මාලදිවයින් ආයෝජකයන්දැනුවත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, සංචාරක කර්මාන්තය, ආහාර සැකසුම්, ධීවර කර්මාන්තය, දේපළ වෙළෙඳාම්, නාගරික යටිතල පහසුකම්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) වැනි ක්ෂේත්‍රවල පවතින විශාල ආයෝජන අවස්ථා පිළිබඳව විශේෂයෙන් අවධාරණය කළේය.

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬