News October 17, 2025 • 4 months ago

වෛද්‍ය සවිත්‍ර විරසේකර පොලිස් රෝහලෙන් සහ පොලිස් සේවයෙන් ඉවත් කිරීමට සැලසුමක් හදලා

ශ්‍රී ලංකා පොලිස් රෝහලේ සේවය කරන, සහකාර පොලිස් අධිකාරි, වෛද්‍ය සචිත්‍ර වීරසේකර පොලිස් රෝහලෙන් සහ පොලිස් සේවයෙන් ඉවත් කිරීමට ආණ්ඩුව සැලසුමක් හදලා. ඒ අනුව ලබන ජනවාරි මාසයේ සිට ඔහුගේ සේවය අවසන් කිරීමට නියමිතයි.

A

Admin User

Author

වෛද්‍ය සවිත්‍ර විරසේකර පොලිස් රෝහලෙන් සහ පොලිස් සේවයෙන් ඉවත් කිරීමට සැලසුමක් හදලා
ශ්‍රී ලංකා පොලිස් රෝහලේ සේවය කරන, සහකාර පොලිස් අධිකාරි, වෛද්‍ය සචිත්‍ර වීරසේකර පොලිස් රෝහලෙන් සහ පොලිස් සේවයෙන් ඉවත් කිරීමට ආණ්ඩුව සැලසුමක් හදලා.
ඒ අනුව ලබන ජනවාරි මාසයේ සිට ඔහුගේ සේවය අවසන් කිරීමට නියමිතයි.
සචිත්‍ර මනුෂ්‍යයෙක් වශයෙන් ඉතාම හොඳ ගතිගුණ තියෙන මහත්මයෙක්. ඒ වගේම මනුස්සකම තිබුණු වෛද්‍යවරයෙක්.
ඒකට පොලිස් රෝහලෙන් ප්‍රථිකාර ගත්තු පොලිස් නිළධාරීන් සාක්ෂි.
රැයක් දවාලක් නැතුව සචිත්‍ර වැඩ කළා. කණිෂ්ඨ නිළධාරීන්ට වැඩිපුරම උදව් කරපු වෛද්‍යවරයෙක් සචිත්‍ර.
සචිත්‍රගෙන් පළිගන්නේ ඔහුගේ පියා සරත් වීරසේකර නිසා. නමුත් ඔහු පියාගේ දේශපාලනයෙන් බැබලුනු පුතෙක් නෙවෙයි.
ආණ්ඩුව ඊනියා බුද්ධි අංශ වාර්තාවක් ඉදිරිපත් කරලා. ඒ වාර්තා අනුව සචිත්‍ර දේශපාලනය කරනවලු. ඒ නිසා ඔහු පොලිස් රෝහලෙන් සහ පොලිස් සේවයෙන් ඉවත් කරනවාලු.
ඔහු රාජකාරියට දශමයකින් හෝ අහිතක්, වරදක් කරලා නැහැ. එවැනි සිදුවීමක් තබා පැමිණිල්ලක් හෝ නොමැති නිසා ආණ්ඩුව ඊනියා බුද්ධි අංශ වාර්තාවක් ඉදිරිපත් කරලා.
ඒවා හැදෙන හැටිත් අමුතුවෙන් කිවයුතු නැහැ.
සචිත්‍ර වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ මිනිහෙක්. කැපවීමෙන් වැඩ කරපු වෛද්‍යවරයෙක්.
සචිත්‍ර ඉවත් කිරීමට යන්නේ පොලිස් රෝහලේ වෛද්‍ය හිඟයක් තියෙන වෙලාවක.
නවලෝකෙන් සර්ජරි කරන පොලිස් නියෝජ්‍ය, කැබිනට් ඇමතිලාට නම් ඒවා මොකටද නේද ?
මේවා මහ කුහක සහ පහත් වැඩ!
(උපුටා ගැනීමක් )
#anduwa #anurakumaradisanayaka

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬