News October 18, 2025 • 4 months ago

ස්ලැවෝයි ජිජැක්

අවාසනාවට වගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සුබසාධක රාජ්‍යයේ යුගයත් දැන් ඉවරයි.

A

Admin User

Author

ස්ලැවෝයි ජිජැක්
නොමිලේ කරන ඩවුන්ලෝඩ් කිරීම් එහි ස්වභාවයෙන්ම කොමියුනිස්ට්වාදීයි – ස්ලැවෝයි ජිජැක්
---------------------------------------------------------------
අවාසනාවට වගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සුබසාධක රාජ්‍යයේ යුගයත් දැන් ඉවරයි. එය විය හැක්කක්ව තිබුණේ ශක්තිමත් ජාතික රාජ්‍යයන් තුල. එහෙත් ප්‍රාග්ධනය නිදහසේ ගෝලීයව සංසරණය වීම තුල ජාතික රාජ්‍යයකට තවදුරටත් අසීරුයි සර්වජන සුබසාධන තන්ත්‍රයක් රටක් තුල පවත්වාගෙන යන්නට. ඒ වගේම බිම් මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදය වෙත කරන ආයාචනය පල දරාවි කියලා මා සිතන්නේ නැහැ.

හැබැයි මේ සියල්ල පමණක් නෙමෙයි සත්‍යය. යම් අලුත් දෙයක් විය හැකි බවට ඉගි කරන බහුවිධ සංඥා තිබෙනවා. එක් උදාහරණයක් දී මා මෙය අවසන් කරන්නම්. නොමිලේ කරන ඩවුන්ලෝඩ් කිරීම්. අපි එතැනදී එහෙම් පිටින්ම වාගේ කොමියුනිස්ට්වාදය වෙත ඇතුලු වී තිබෙනවා නොවේද? ඩීවීඩී යන්ත්‍ර පවා මේ වනවිට අතුරුදහන් වෙමින් තිබෙනවා. ඊනියා බුද්ධිමය දේපල තමා තුලට අවශෝෂණය කරගැනීමට ධනවාදය සමත් වේවි කියලා මා සිතන්නේ නැහැ. බුද්ධිමය නිමැවුම් එහි ස්වභාවයෙන්ම කොමියුනිස්ට්වාදීයි. එනම් මිලක් නොමැතිව සංසරණය කිරීමේ ශක්‍යතාවය සහිතයි. ඒ නිසා මේ වර්ගයේ නොමිලේ ලබාගත හැකි නිෂ්පාදිතවල පැවැත්ම, ඒවා ඇති වූයේ වඩාත්ම දියුණු ධනවාදය හරහාය යන කරුණ එසේම තිබියදී, එක්තරා විධියක ධනවාදී නොවන අවකාශයක් විවෘත කරලා තිබෙනවා. මේවා විකල්පයක් පිලිබද සංඥාවන්. අපි ඉවසුම්සහගතව බලා සිටිය යුතුයි. අප වැඩ කල යුතුයි. හැබැයි අප උත්තරීතර ඓතිහාසික අවශ්‍යතාවයක් ඉටු කරන නියෝජිතයින් වෙමු යන පැරණි මාක්ස්වාදී ආකාරයෙන් නෙමෙයි අපි වැඩ කල යුත්තේ. අප සියලුම විධිවලට අරගල කල යුතුයි. වර්ගවාදයට එරෙහිව, පිරිමි ස්වෝත්තමවාදයට එරෙහිව ආදී ලෙස. හැබැයි අපි හැමවෙලාවෙම අවදානම සංජානනය කිරීමේ ඉව සහිතව වැඩ කල යුතුයි. දේශපාලන ක්‍රියාකාරකම්වල තිබෙනවා එක්තරා අභිරහසක්. සමහරවිට ඔබ විශාල ව්‍යාපෘතියක නියුක්ත බව ඔබ සිතනවා, නමුත් ඒ ව්‍යාපෘතිය වෙනුවෙන් කරන වැඩවලින් කිසිවක් එලියට එන්නේ නැහැ. එහෙත් ඇතැම් විට ඔබ ඉතාම කුඩා ඉල්ලීමක් ඉදිරියට දමා, ඒ මත පොර බදින විට, සමහර විට ඒ හරහා හැමදෙයම වෙනස් වෙනවා. අපගේ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල අපට කලින් තියා නිශ්චය කිරීම කල නොහැකියි. අපි වැඩ කල යුතුයි. ඒ වගේම අපගේ මනස විවෘතව තබා ගත යුතුයි.

නැපොලියන්ගේ මිලිටරිමය උද්ධෘතයකින් මා අවසන් කරන්නම් – ‘පලමුව පහර දෙමු, පසුව කුමක් සිදුවේවිදැයි බලමු’. අපගේ ආදර්ශ පාඨය එය විය යුතුයි.

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬