News October 10, 2025 • 5 months ago

මේ කලකට ඉහත වෙච්ච සිද්ධියක්.

ඒ කාලෙ මං හිටියෙ ඇතුල්කෝට්ටේ. ඔන්න එක සති අන්ත දිනයක මං බංගලා හන්දියෙන් බස් එකකට නැග්ගා බොරුල්ලට යන්න. ඉතිරි වෙලා තිබුණු එකම සීට් එකේ මං හොඳට හරි බරි ගැහිල වාඩිවුණා.

A

Admin User

Author

මේ කලකට ඉහත වෙච්ච සිද්ධියක්.
කාලෝ ෆොන්සේකාට බස් එකේ සීට් එක දුන්න දා
--------------------

මේ කලකට ඉහත වෙච්ච සිද්ධියක්.

ඒ කාලෙ මං හිටියෙ ඇතුල්කෝට්ටේ. ඔන්න එක සති අන්ත දිනයක මං බංගලා හන්දියෙන් බස් එකකට නැග්ගා බොරුල්ලට යන්න. ඉතිරි වෙලා තිබුණු එකම සීට් එකේ මං හොඳට හරි බරි ගැහිල වාඩිවුණා.

ඊළඟට බස් එක නැවැත්තුව කොටු බැම්ම පාර (සිංහලෙන් රැම්පට් රෝඩ්) හොල්ට් එකෙන් නැග්ග කීප දෙනෙක්. එයින් එක මහත්තයෙක් මං හිටපු සීට් එක ළඟින් හිට ගත්ත. ටිකක් දැකල පුරුදු මුහුණක් වගේ පෙනුණට එකපාරට මට හිතා ගන්න බැරිවුණා කවුද කියලා.

මිනිහගෙ ගෙ අතේ තිබුණ පොඩි සඟරාවක්. සිලෝන් මෙඩිකල් ජර්නල්. ඔන්න එක පාරටම මීටරේට වැටුණා මේ කවුද කියලා.

කවුද දන්නවද? කාලෝ ෆොන්සේකා!

මං ඊට කලින් කාලෝ දැකල තිබුණේ දවස් දෙකක් විතරයි. එක පාරක් ඒ කාලේ මං වැඩකරපු කැලණිය විශ්වවිද්‍යාලෙ වැඩක දි. අනික් පාර, 1994 මහ මැතිවරණෙදි පොදු පෙරමුණට සහය දෙන්න පිහිටුවා ගත්තු කලාකරුවන්ගේ සංවිධානෙ කෂ්ටිය නුගේගොඩදි තියපු රුස්වීමෙදි.

එදා දේශපාලන රැස්වීමේදී කාලෝ ලස්සන කතාවක් කළා මට මතකයි ගිනි ගන්න ගෙයක් ගැන බුදු හාමුදුරුවො කියපු බණක් උදාහරණයට අරගෙන. කාලෝට යාළුවො කියන්නෙ "ධම්මස් සවන කාලෝ" කියල ලු. කාලෝ ම තමයි කිව්වෙ එදා රුස්වීමෙදි.

කාලෝ තරම් බණ දහම් දන්නෙ නැතිවුණාට මාත් ටිකක් දැනගෙන හිටිය මංගල සූත්‍රයෙ එන "පූජාච පූජනීයං" වගෙ කතා. ඉතිං මං සීට් එකෙන් නැගිටල කිව්ව "වාඩි වෙන්න සර්" කියල.

පොර ඒ කාලෙ එච්චරම නාකි නෑ නෙ. විශ්වවිද්‍යාලේ වැඩ කරනවා කියන්නේ වයස 65 ට අඩුයි. ඉතිං, පොරට ලැජ්ජ හිතෙන්න ඇති මං සීට් එක දුන්නහම.

කාලෝ මං දුන්නු සීට් එකේ වාඩිවුණේ නෑ. ඒ පාර ලැජ්ජ හිතුණෙ මටයි.

ලැජ්ජාව වහගන්න මං ගියා බස් එකේ ඉස්සරහට. වෙනිං කවුද මනුස්සයෙක් මං හිටපු සීට් එකේ වාඩිවුණා.

ඉතිං බස් එක කොට්ටෙ පාරෙන් පාර්ලිමන්ට් පාරට දාල බොරුල්ල පැත්තට වේගයෙන් යන්න පටන් ගත්ත.

ඔන්න එක පාරටම වැදුණ ලොකු බ්රේක් පාරක්. කාලෝ ෆොන්සේකා එක අතකින් සීට් ගැට්ටක් අල්ලගෙන අනිත් අතින් සිලෝන් මෙඩිකල් ජර්නල් එක අරං නෙ හිටියෙ. මිනිහ විසිවෙලා ගිහින් කාගෙද ඔඩොක්කුවක ඉන්දවුණා.

අනේ පව්!

පොර වෙන්නෙ නැතුව මං දුන්නු සීට් එකේ වාඩිවුණා නම් ඉවරයි නේද සර් කියල මට හිතුණා. පොඩි හිනාවකුත් මගෙ මූණට නාවෙමත් නෑ!

කාලෝ මුලින් වැඩ කළේ කොළඹ විශ්වවිද්‍යාලෙ, වෛද්‍ය පීඨයෙ, භෞතවේදය දෙපාර්තමේන්තුවෙ. අපි දන්න කාලෙ ඉඳලම එයා මහාචාර්යවරයෙක්. ප්‍රයිවේට් මෙඩිකල් කොලේජ් කියල සාමාන්‍යයෙන් හැඳින්වුණු උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය රජයට අරගෙන එතන කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධව වෛද්‍ය පීඨයක් හදපු වෙලේ, කාලෝ ඒකෙ පීඨාධිපති වෙලා ගියා.

පැන්ෂන් ගත්තට පස්සෙ වෙන්න ඇති මිනිහ තරමක බයියෙක් විදියට රූපාන්තරකරණය වුණේ. කොහොමටත් මෑන් සම්බන්ධවෙලා හිටිය ලංකා සමසමාජ පක්ෂයත් ඒ වෙනකොට බයියාකරණය වෙලා.

ඒ කොයි හැටි වුණත්, කොළඹ ඉඳල කැලණියට ගිය තවත් මහාචාර්ය කෙනෙක් වෙන නලින් ද සිල්ව එක්ක සංසන්දනය කරන කොට නම් කාලෝ දෙයියෙක්.

"පදාර්ථය" වගෙ විද්‍යා විෂයය නිර්දේශයේ තියෙන පාරිභාෂික වචනයක් දාල සිංදුවක් ලියපු එකම මදෑ. අම්මා ගැන කියවෙන "පදාර්ථයට පණ පොවා" කියන ඒ සිංදුව තිබුණෙ කාලෝ ලියපු ගී අඩංගු "කාලෝ-චිත" ගී කැසට් එකේ. හැබැයි ඒක වැඩිය ජනප්‍රියවුණේ නෑ. ඒ ගීත එකතුවෙම තිබුණු "රත්තරං දුවේ" කියන සිංදුව නම් හුඟක් ජනප්‍රියවුණා.

- රසික සූරියආරච්චි

#රසිකතන්දර
#කෝට්ටේකාලේ

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬