News October 10, 2025 • 5 months ago

ඕමාර් යාගී

1948 දී නව ඊශ්‍රායලය නිර්මාණය වීම හේතුවෙන් බලහත්කාරයෙන් අවතැන් කරන ලද ලක්ෂ සංඛ්‍යාත ජනතාවගෙන් ඕමාර් යාගී ගේ පවුලත් එක් පවුලක් විය,

A

Admin User

Author

ඕමාර් යාගී
1948 දී නව ඊශ්‍රායලය නිර්මාණය වීම හේතුවෙන් බලහත්කාරයෙන් අවතැන් කරන ලද ලක්ෂ සංඛ්‍යාත ජනතාවගෙන් ඕමාර් යාගී ගේ පවුලත් එක් පවුලක් විය,
එය නක්බා නොහොත් "ව්‍යසනය" ලෙස සිහිපත්
වේ. පසුව ඔවුන් ගාසා තීරයේ අල්-මස්මියා ගම්මානයෙන් පිටව ගොස් අවසානයේ ජෝර්දානයේ අම්මාන් හි පදිංචි වූ අතර එහිදී ඕමාර් යාගී 1965 දී උපත ලැබීය.

ඕමාර් යාගීගේ මුල් කාලය ගෙවී ගියේ ජෝර්දාන් අම්මාන්හි පටු එක් කාමරයක් සහිත නිවසක වන අතර, ඔහුගේ පවුලේ සාමාජිකයන් 12 ක් වන අතර ඔවුන් ඇති දැඩි කළ ගවයන් සමග ඔවුන් ජීවිතය ගෙන ගියේය. ඔවුන්ට විදුලිය, ගලා යන ජලය තිබුණේ නැත. ඔහුගේ පියා හයවන ශ්‍රේණිය දක්වා පමණක් ඉගෙන ගෙන තිබුණි , ඔහුගේ මවට කියවීමට හෝ ලිවීමට නොහැකි විය.
ඕමාර් යාගීගේ කතාව හිඟකම තුළ ගොඩනැගුණු නොපසුබට උත්සාහය පිළිබඳ කතාවකි.

ඔහුව අවුරුදු පහළොව වන විට, ඔහුගේ පියා දැඩි නමුත් දූරදර්ශී වූ අතර, ඇමරිකාවට ගොස් ඉගෙන ගන්නා ලෙස ඔහුට කීවේය.
වසරක් ඇතුළත, යාගීට වීසා බලපත්‍රයක්, ගමන් මල්ලක් සහ නිව්යෝර්ක්හි ට්‍රෝයි වෙත එක්-මාර්ග ටිකට් පතක් ලැබුණි.

ඔහු 1985 දී SUNY ඇල්බනි වෙතින් රසායන විද්‍යාව පිළිබඳ කීර්තිමත් උපාධියක් ලබා ගත් අතර, පසුව 1990 දී ඉලිනොයිස් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබා ගත්තේය.

"මම මගේ ස්වාධීන වෘත්තීය ජීවිතය ආරම්භ කළේ ඇරිසෝනා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයෙන්, මගේ සිහිනය වූයේ අවම වශයෙන් උපුටා දැක්වීම් 100 ක් ලැබෙන එක් පත්‍රිකාවක්වත් ප්‍රකාශයට පත් කිරීමයි," ඔහු වරක් පැවසීය. "දැන් මගේ සිසුන් පවසන්නේ අපගේ කණ්ඩායම උපුටා දැක්වීම් 250,000 කට වඩා ලබාගෙන ඇති බවයි." ඔහු පැවසුවේය.

ජෝර්දානයේ සරණාගත කඳවුරක තම ළමා කාලය ගත කළ පලස්තීන විද්‍යාඥයෙකු වන ඕමාර් යාගී දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කිරීම සඳහා විභවයක් සහිත නව ආකාරයක අණුක ගෘහ නිර්මාණ ශිල්පයක් සඳහා පුරෝගාමියෙකු වීම වෙනුවෙන් රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ලබා ගෙන ඇත.

Tags

##Srilanka #mingirisNews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬