News October 8, 2025 • 5 months ago

පොලිස් අපරාධ වෙනුවෙන් විශේෂ තීරණයක්

අරගලය ජාතික ව්‍යාපාරය සංවිධානයේ ලේකම් කැලුම් අමරසිංහ මහතා විසින් 2025.10.08 ( බදාදා) පෙ.ව. 11.30 බොරැල්ල, ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේදී විශේෂ හෙළිදරව්වක් සිදුකරන ලදී ,

A

Admin User

Author

පොලිස් අපරාධ වෙනුවෙන් විශේෂ තීරණයක්
අරගලය ජාතික ව්‍යාපාරය සංවිධානයේ ලේකම් කැලුම් අමරසිංහ මහතා විසින් 2025.10.08 ( බදාදා) පෙ.ව. 11.30 බොරැල්ල, ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේදී විශේෂ හෙළිදරව්වක් සිදුකරන ලදී ,
එහිදී ඔහු සදහන් කලේ රටේ පවතින පොලිස් අපරාධ වෙනුවෙන් තම සංවිධානය අද පෙරවරුවේ විශේෂ තීරණ කිහිපයක් ගත් බවයි.
පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හෙළිදරව් කරන ලද නියෝජ්‍ය පොල්ස්පති ජයසිරි කොඩිතුවක්කු නිලධාරියාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා හමුවී ලිපියක් භාරදුන් බවයි,
තම ඉල්ලීම පිලිබඳව එම පාර්ශව දෙකම සාධනීය ප්‍රතිචාර දැක්වූ බව ද කැලුම් අමරසිංහ මහතා මෙහිදී සදහන් කලා.
මීට පෙරද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද ලිඛිත පැමිණිල්ලක් මගින් නියෝජ්‍ය පොල්ස්පති ජයසිරි කොඩිතුවක්කු නිලධාරියාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ඉල්ලා සිටියද මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද ඔහු වැඩි දුරටත් සදහන් කලා.
මෙම නියෝජ්‍ය පොල්ස්පතිවරයා චෝදනාවලට ලක්ව තිබියදී අපරාධ සම්බන්ධයෙන් විමර්ශනයද ඔහු වෙත පවරා තිබීම හොරාගෙ අම්මාගෙන් පේන ඇසීමක් වැනිබවයි කැලුම් අමරසිංහ මහතා පෙන්වා දුන්නේ,
ඔහුට විරුද්ධව එල්ලවී ඇති චෝදනා විමර්ශනය කිරීමට තමන්ට හැකියාවක් නොමැති බවත් සමාජ මාද්‍ය ඔස්සේ අනාවරණය කෙරුණු කරුණුවල සත්‍ය අසත්‍ය තාවය පිළිබද විමසීමට තමන්ට අයිතියක් ඇති බවද කැලුම් අමරසිංහ මහතා සදහන් කලා.
මේ චෝදනා සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සහ විමර්ශන අංශ දැනුවත්ව ඇතිබවට තමන් විශ්වාස කරන බවත් එහෙත් ඒ සම්බන්ධයෙන් මුනිවත රැකීම පුදුමයට කරුණක් බවයි ඔහු සදහන් කලේ,

Tags

##Srilanka #mingirisNews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬