News October 1, 2025 • 2 months ago

අලි මිනිස් ගැටුම

අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා අභියාචනාධිකරණයේ මැදිහත් වීම මත පරිසර යුක්ති කේන්ද්‍රය විසින් සකස් කළ යෝජනාවලිය ක්‍රියාවට නැංවීමට...

A

Admin User

Author

අලි මිනිස් ගැටුම
අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා අභියාචනාධිකරණයේ මැදිහත් වීම මත පරිසර යුක්ති කේන්ද්‍රය විසින් සකස් කළ යෝජනාවලිය ක්‍රියාවට නැංවීමට ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් නොවැම්බර් මස 10 වනදා කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය විසින් වනජීවි දෙපාර්තමේන්තුවට නියම කර තිබේ.

මෙම කරුණට අදාළ පෙත්සම අද (29) දමිත් තොටවත්ත සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහාඅභියාචනාධිකරණයේ මැදිහත්වීම මත මීට පෙර පරිසර යුක්ති කේන්ද්‍රය විසින් යෝජනා මාලාවක් සකස් කර තිබුණි.

පසුව එම යෝජනා මාලාව ක්‍රියාවට නැංවීම සඳහා අධිකරණයේ දැනුම් දීම මත වන ජීවී දෙපාර්තමේන්තුවට යොමු කර තිබුණත් එය මෙතෙක් ක්‍රියාවට නංවා නොමැති බව අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේය.

අදාළ යෝජනා මාලාව ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග ගැන වන ජීවි දෙපාර්තමේන්තුව මේ දක්වා අධිකරණයට පවා කරුණු දක්වා නොමැති බවත් ඔහු චෝදනා කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් නොවැම්බර් මස 10 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා වනජීවී දෙපාර්තමේන්තුවට නියම කළේය.

Tags

##Srilanka #mingirisNews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

1 month ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

1 month ago
0 ❤️ 0 💬
ස්ලැවෝයි ජිජැක්

ස්ලැවෝයි ජිජැක්

අවාසනාවට වගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සුබසාධක රාජ්‍යයේ යුගයත් දැන් ඉවරයි.

1 month ago
0 ❤️ 0 💬