අලි මිනිස් ගැටුම
අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා අභියාචනාධිකරණයේ මැදිහත් වීම මත පරිසර යුක්ති කේන්ද්‍රය විසින් සකස් කළ යෝජනාවලිය ක්‍රියාවට නැංවීමට...
Admin User
Author
මෙම කරුණට අදාළ පෙත්සම අද (29) දමිත් තොටවත්ත සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහාඅභියාචනාධිකරණයේ මැදිහත්වීම මත මීට පෙර පරිසර යුක්ති කේන්ද්‍රය විසින් යෝජනා මාලාවක් සකස් කර තිබුණි.
පසුව එම යෝජනා මාලාව ක්‍රියාවට නැංවීම සඳහා අධිකරණයේ දැනුම් දීම මත වන ජීවී දෙපාර්තමේන්තුවට යොමු කර තිබුණත් එය මෙතෙක් ක්‍රියාවට නංවා නොමැති බව අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේය.
අදාළ යෝජනා මාලාව ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග ගැන වන ජීවි දෙපාර්තමේන්තුව මේ දක්වා අධිකරණයට පවා කරුණු දක්වා නොමැති බවත් ඔහු චෝදනා කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් නොවැම්බර් මස 10 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා වනජීවී දෙපාර්තමේන්තුවට නියම කළේය.