නේපාලය සමාජ මාධ්‍ය තහනම්
නේපාලය විසින් 2025 සැප්තැම්බර් 05ව දින සිට ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, X (කලින් ට්විටර්), YouTube සහ තවත් බොහෝ සමාජ මාධ්‍ය සහ සන්නිවේදන වේදිකා 26ක් ජාතික වශයෙන් තහනම් කර ඇති බව පසුගිය සතියේ වාර්තා විය.
Admin User
Author
සමාජ මාධ්‍ය සීමා කිරීම් පිටුපස ඇති නේපාල රජයේ අභිප්‍රායන් මොනවාද?
• සමාගම් නියාමනය කිරීම: නේපාල රජය ප්‍රධාන සමාජ මාධ්‍ය වේදිකා වන Facebook සහ X ඇතුළු අනෙකුත් වේදිකාවන් බලධාරීන්ගේ ලියාපදිංචි කිරීමේ අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වීමෙන් පසු ඒවාට ප්‍රවේශය නවතා දමන බව ප්‍රකාශ කර ඇත. සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය පෘථිවි සුබ්බා ගුරුන්ග් මාධ්‍යට පවසා සිටියේ, සමාගම්වලට ලියාපදිංචි වීමට ප්‍රමාණවත් කාලයක් ලබා දුන් නමුත්, ඔවුන් එය නොසලකා හැරීම නිසා මෙහෙයුම් වසා දැමීමට සිදු වූ බවයි
• සයිබර් අපරාධ, වෛරී ප්‍රකාශ සහ කටකතා මැඩලීම: නේපාල රජය පවසන පරිදි මෙම පියවර ගෙන ඇත්තේ අන්තර්ජාලය ඔස්සේ වෛරය, කටකතා සහ සයිබර් අපරාධ මැඩලීමේ උත්සාහයක කොටසක් ලෙසයි. Telegram යෙදුමට ප්‍රවේශය අවහිර කරන ලද්දේ ද අන්තර්ජාල වංචා සහ මුදල් විශුද්ධිකරණය වැඩිවීමක් සිදුව ඇතැයි යන්න සඳහන් කරමින් ය.
• දේශීය පැවැත්මක් ඇති කර ගැනීමට අවශ්‍ය වීම: සමාගම්වලට සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය සමඟ ලියාපදිංචි වීමට, දේශීය සම්බන්ධතා පුද්ගලයෙකු, පැමිණිලි හසුරුවන්නෙකු ලෙස වගකිව යුතු පුද්ගලයෙකු පත් කිරීමට පසුගිය බදාදා දක්වා කල් දී තිබුණි.
කෙසේ නමුත් නේපාල රජයේ මෙම තීරණය පිළිබද Digital Rights Nepal සංවිධානයේ සභාපති Bhola Nath Dhungana පවසා ඇත්තේ, ‘..මෙම හදිසි වසා දැමීම රජයේ “පාලන” (“controlling” approach of the government.) ප්‍රවේශය පෙන්නුම් කරන බවත්, එය මහජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට සෘජුවම බලපාන බවත්ය’
තහනම් අන්තර්ගතයන්: “ව්‍යාජ” සහ “නිර්නාමික” ගිණුම් තහනම් කිරීම, “බිහිසුණු” (අපැහැදිලි), “අසභ්‍ය” (අපැහැදිලි) අන්තර්ගතයන් මෙන්ම “ජාතික අඛණ්ඩතාව, ස්වෛරීභාවය සහ අවශ්‍යතාව” (අපැහැදිලි) උල්ලංඝනය කරන ප්‍රකාශන තහනම් කිරීම වේදිකාවලට අනිවාර්ය කරයි.
නේපාලයේ සමාජ මාධ්‍ය සීමා කිරීම් නේපාල පුරවැසියන්ට බලපාන්නේ කෙසේද?
• මූලික අයිතිවාසිකම්වලට බලපෑම් ඇතිවීම: ඉහතින් සදහන් කල පරිදි භෝලා නාත් ධුංගනා පවසා ඇත්තේ මෙම හදිසි වසා දැමීම මහජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට සෘජුවම බලපාන බවයි.
• විනෝදාස්වාදය, ප්‍රවෘත්ති සහ ව්‍යාපාර සඳහා ප්‍රවේශය අහිමි වීම: Facebook, Instagram, සහ X වැනි සමාජ මාධ්‍ය වේදිකාවල නේපාලයේ මිලියන ගණනක් පරිශීලකයින් සිටින අතර, ඔවුන් විනෝදාස්වාදය, ප්‍රවෘත්ති සහ ව්‍යාපාරික කටයුතු සඳහා ගිණුම් පවත්වාගෙන යයි. මෙම සීමා කිරීම් මගින් ඔවුන්ට මෙම වේදිකා වෙත ප්‍රවේශ වීමට ඇති හැකියාව අහිමි වේ.
කෙසේ නමුත්, TikTok හි දකුණු ආසියානු අංශය විසින් නේපාල රජයේ රෙගුලාසිවලට අනුකූල වීමට එකඟ වීමෙන් පසු පසුගිය වසරේ අගෝස්තු මාසයේදී එහි මාස නවයක තහනම ඉවත් කරන ලදී.
නේපාලයේ යෝජිත සමාජ මාධ්‍ය පනත් කෙටුම්පත – ප්‍රකාශන නිදහසට තර්ජනයක්:
යෝජිත සමාජ මාධ්‍ය පනත් කෙටුම්පත සංශෝධන නොමැතිව සම්මත වුවහොත්, එය නිරීක්ෂණය, මර්දනය සහ අධික ලෙස අපරාධකරණය මත පදනම් වූ ඩිජිටල් අවකාශයක් ශක්තිමත් කරනු ඇත – අවසානයේ ප්‍රකාශන නිදහසට බාධා කර, පුරවැසියන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වී, සිවිල් අවකාශය හැකිලීමට හේතු වනු ඇතැයි දැනටමත් විවේචන පළවෙමින් ඇත.
නේපාලයේ යෝජිත සමාජ මාධ්‍ය පනත් කෙටුම්පත, සමාජ මාධ්‍ය වේදිකා දේශීය නීති යටතේ ගෙන ඒමත්, අසත්‍ය තොරතුරු, ද්වේෂ සහගත ප්‍රකාශ වැනි අන්තර්ගතය පාලනය කිරීමටත් අරමුණු කරගෙන ඇත. එමගින් නේපාලය තුළ සේවාව ලබාදෙන සමාගම් ලියාපදිංචි වීමටත්, දේශීය නියෝජිත කාර්යාලයක් තැබීමටත්, අසත්‍ය හෝ ද්වේෂාත්මක අන්තර්ගත ඉක්මනින් ඉවත් කිරීමටත් නියම කරයි. නීති උල්ලංඝනය කළ සමාගම්ට විශාල දඩ හා දඬුවම් යටත් වන අතර පරිශීලක ආරක්ෂාව, privacy සහ දරුවන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමටත් යොමු වෙයි. කෙසේ වෙතත්, මාධ්‍යවේදීන් හා නීතිඥයන් විවේචනය කරන්නේ මෙය රජයට අධික බලය ලබාදී සොයාබැලීමේ නාමයෙන් censorship වැඩි කරන අතර, විපක්ෂ අදහස් හා ජනතා විවේචන සීමා කිරීමට භාවිතා විය හැකි නීතියක් බවය. මෙය නිදහස හා ආරක්ෂාව අතර ගැටුමක් මතුවීමේ අවදානම ඇති බවත් ප්‍රකාශ වෙයි.
ගෝලීය සන්දර්භය:
යුරෝපා සංගමය ඇතුළු ලොව පුරා ඇතැම් රජ්‍යයන් ද Disinformation/ Misinformation , දත්ත රහස්‍යතාව, අන්තර්ජාල හානි සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටළු උපුටා දක්වමින් සමාජ මාධ්‍ය සහ දියුණු-තියුණු නව තාක්‍ෂණයන් පිළිබඳ අධීක්ෂණය දැඩි කරමින් සිටී. ඉන්දියාව දේශීය අනුකූලතාවලට යටත්ව සහ හානිකර අන්තර්ගතයන් ඉවත් කිරීමේ යාන්ත්‍රණ අනිවාර්ය කර ඇති අතර, චීනය දැඩි පාලන ප්‍රතිපත්තියක් පවත්වාගෙන යන අතර ජනමාධ්‍යවේදීන් වැඩිම ප්‍රමාණයක් සිරගතකර සිටින රට චීනය වන අතර, RSF හී මාධ්‍ය නිදහස පිළිබද ගෝලීය දර්ශකයට අනුව චීනය පසුවන්නේ රටවල් 180න් 178වන ස්ථානයේ බව රටක් ලෙස අප විසින් අමතක කර දමා ඇත. Read in full: https://www.vikalpa.org/article/45135 #socialmedia #EngageSMinSL #Nepal #Srilanka