News September 8, 2025 • 6 months ago

“පුනරුදයේ පුරවර” නමින් වසර 09කට පසු පළාත් පාලන සතියක්

සැප්තැම්බර් 15 වැනිදා සිට 21 වැනිදා දක්වා 2025 පළාත් පාලන සතිය පැවැත්වීමට තීරණය කර ඇත. 2016 වසරේ දී මෙම පළාත් පාලන සතිය අවසන් වරට පවත්වා ඇති අතර නව රජය බලයට පත්වුණු පසු පවත්වන පළමු පළාත් පාලන සතිය මෙය බවද වසර 09කට පසු පවත්වන පළාත් පාලන සතිය පුනරුදයේ පුරවරය යන තේමාව යටතේ පවත්වන බවද පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා රුවන් සෙනෙරත් මහතා සඳහන් කරයි.

A

Admin User

Author

“පුනරුදයේ පුරවර” නමින් වසර 09කට පසු පළාත් පාලන සතියක්
සැප්තැම්බර් 15 වැනිදා සිට 21 වැනිදා දක්වා 2025 පළාත් පාලන සතිය පැවැත්වීමට තීරණය කර ඇත.

2016 වසරේ දී මෙම පළාත් පාලන සතිය අවසන් වරට පවත්වා ඇති අතර නව රජය බලයට පත්වුණු පසු පවත්වන පළමු පළාත් පාලන සතිය මෙය බවද වසර 09කට පසු පවත්වන පළාත් පාලන සතිය පුනරුදයේ පුරවරය යන තේමාව යටතේ පවත්වන බවද පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා රුවන් සෙනෙරත් මහතා සඳහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ “පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නැමති රජයේ තේමාව යටතේ “පුනරුදයේ පුරවර” නමින් 2025 පළාත් පාලන සතිය අරඹන බවද, ප්‍රජාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන, ජීවත්වෙන වටපිටාව සුරක්ෂිත කෙරෙන පරිසරයක් නිර්මාණය කරමින් අනාගත දැක්ම සුරක්ෂිත කෙරෙන පුනරුදයේ පුරවරයක් බිහිකිරීම උදෙසා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය මගින් මෙහෙයවනු ලබන අඛණ්ඩ වැඩසටහන සදහා අත්වැල් බැදගන්නා ලෙස සියලුම පළාත් පාලන ආයතන වලට ආරාධනා කරන බවද පැවසීය.

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬