Entertainment July 9, 2025 • 5 months ago

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

එවැනි මොහොතක ජාතියෙම ආදරය දිනූ ඇය, ප්‍රවීණ ගායන ශිල්පී නන්දා මාලනිය ගැනත් මේ දිනවල අසත්‍ය කටකතා පළ වෙනවා. ඒ ගැන ඇයටත් වඩා ඇයට සැබෑවටම ආදරය කරන රසිකයන් දුක් වෙනවා.

A

Admin User

Author

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න
මුළු ජාතියෙම ආදරය සහ ගෞරවය දිනූ ප්‍රවීණ ගායන ශිල්පිනි නන්දා මාලනිය ගැන මේ දිනවල සමාජ මාධ්‍යයේ හුවමාරු වන කටකතා සියල්ල අසත්‍යය බවට ඇයට ආදරය කරන ප්‍රවීණ ඡායාරූප ශිල්පි දයාන් විතාරණ මහතා තම සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා අවධාරණය කරන්නේ ඒ නිසයි.
අදාළ සටහන පහතින්,

''සාවද්‍ය තොරතුරු තවත් එපා.... නන්දා මිස් පිළිබඳ පැතිරෙන කටකතා සියල්ල අසත්‍යයයි ....... ජාතියේ යශෝරාවය බඳු අප ආදරණීය නන්දා මාලනියන් පිළිබඳ අද උදෑසන පටන් අසත්‍ය කටකතා සහ සාවද්‍ය ප්‍රවෘත්ති රැසක් සමාජ මාධ්‍ය පිටු ඔස්සේ සංසරණය වෙමින් පවතී. ඒ සියල්ල අමූලික අසත්‍යය බව වගකීමෙන් දැනුම් දෙන අතර, නන්දා මිස් මනා සුවයකින් සිය නිවසේ වෙසෙන අතර මෙවැනි නොමිනිස් ක්‍රියාවන් තව දුරටත් සිදු නොකරන මෙන් ඉතා කාරුණිකව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටිමි. දිගින් දිගට ම විශිෂ්ට කලාකරුවන් අලලා සිදුකෙරෙන මෙම නොමිනිස් ක්‍රියාවන් අප දැඩිව හෙළා දකින සේම, වගකිවයුතු පුරවැසියන් සහ රසිකයන් ලෙස යම් ප්‍රවෘත්තියක් සංසරණය කිරීමට දායක වන්නේ නම් ඒ සඳහා වගකීම්සහගත වන ලෙස ද ඔබ සැමටත් කාරුණිකව සිහිපත් කරන්නෙමි. අපේ ආදරණීය ගුරු මෑණියන් වන නන්දා මිස්ට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී චිරජීවනයම සැලසේවායි දීර්ඝායු ප්‍රාර්ථනා කරන්නෙමි !!!''

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!